මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතිභේද පසෙකලා මනුෂ්‍යකමින් පිරිපුන්ව ජාතියේ අභිමානය ඉදිරියට ගෙන යන්නේ නම් එය සුවිශාල ජයග්‍රහණයක්

    පෙබරවාරි 04, 2018

    සියලු දෙනාම එකම ධජයක් යටතේ ජාති භේද පසෙකලා එකතු වී මනුෂ්‍යකමින් පිරිපුන්ව ජාතියේ අභිමානය ඉදිරියට ගෙනයාමට කටයුතු කරන්නේ නම් එය අපි ලබන්නා වූ සුවිශාල ජයග්‍රහණයක් බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා 70 වැනි නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.

    නිකුත් කළ නිවේදනයේ මෙසේ සඳහන් කරයි.

    මීට දශක 07 කට ප්‍රථම දිනාගත් නිදහස වඩාත් ධරණීය සහ අර්ථාන්විත නිදහසක් බවට පත් කර ගැනීමට අප අධිෂ්ඨාන කර ගත යුතුය. මේ රටේ නිදහස ලබාගැනීමට සියලු ජාතින් කැපවිය. එදා වීර කැප්පෙටිපොල, වීර පුරන්අප්පු, ගොන්ගාලේ ගොඩබණ්ඩා වැනි වීරයින් මෙන්ම මහාමාන්‍ය ඩි.එස් සේනානායක, එෆ්.ආර් සේනානායක, සිද්ධි ලෙබ්බේ, ටි.බී ජයා, පොන්නම්බලම් රාමනාදන්, ජෙම්ස් පිරීස් වැනි දේශමාමක නායකයින් නිදහස ලබාගැනීම සදහා දේශවාත්සල්‍යයෙන් කටයුතු කළහ.

    දිනු නිදහස වඩාත් ශක්තිමත් වන්නේ ජාති, ආගම්, පක්ෂ, පාට භේදයකින් තොරව සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව සමග ඒකාත්මීයව කටයුතු කිරීමෙනි. ජාතිවාදය වැපිරීමෙන්, සමගිය නොමැතිවීමෙන් වන්නේ රට තවත් අගාධයට තල්ලුවීමය. මිනිසාට නිදහස, සාමය වාගේම ගෞරවයෙන් ජීවත්වීමට අවශ්‍යයය. මා එදත් එදත් සිටින්නේ ජාති භේද පසෙක තබා සැමට සාධාරණව ගෞරවනිය ලෙස ජීවත්වීමට අවශ්‍ය රටක් තිබිය යුතුය යන ස්ථාවරයේයි. “අභිමානයෙන් නිදහස සමරමු” මේ අප හැමදාමත්ම කියන දෙයයි. අභිමානය ලගාවන්නේ සමගියෙන් ජාති භේද පසෙක තබා එකම ජාතියක් ලෙස ක්‍රියා කළොත් පමණි. එමෙන්ම සියලු දෙනාටම නොවෙනස්ව සැළකීමෙන් සහ ගෞරවය ලබාදීමෙනි. නීතිය, සාමය සහ සංහිදියාව සුරකිමින් සංවර්ධනයෙන් රට ඉදිරියට ගෙනයාමේ වගකීම අප වෙත පැවැරී ඇත. සියලු දෙනාම එකම ධජයක් යටතේ ජාති භේද පසෙකලා එකතු වී මනුෂ්‍යකමින් පිරිපුන්ව ජාතියේ අභිමානය ඉදිරියට ගෙනයාමට කටයුතු කරන්නේ නම් එය අපි ලබන්නා වූ සුවිශාල ජයග්‍රහණයකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya