අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංහිඳියාව සහ තිරසර සාමය රජයන නව ශ්‍රී ලංකාවක් බිහිකිරීමට අප වෑයම් කළ යුතුයි

    පෙබරවාරි 04, 2018

    ආර්ථික සෞභාග්‍යය සමඟ සංහිඳියාව සහ තිරසර සාමය රජයන නව ශ්‍රී ලංකාවක් බිහිකිරීමට අප වෑයම් කළ යුතු බව විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා පවසයි.

    70 වැනි නිදහස් දින සැමරුම වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මෙසේ සඳහන් කරයි. ශ්‍රී ලංකාව සිය 70 වැනි නිදහස් දිනය සමරන අද දිනයේ මෙරට සහ ලොව පුරා වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයන්ට මාගේ උණුසුම් සුබපැතුම් පිරිනැමීමට කැමැත්තෙමි.

    නිදහස දිනාගැනීම සඳහා සටන් වැදුණු සියලු දෙනාට මෙන්ම, දිනාගත් නිදහස රැක ගැනීම උදෙසා සිය ජීවිත පරිත්‍යාග කළ දහස් සංඛ්‍යාත වූ පිරිසටද මේ වැදගත් අවස්ථාවේදී මාගේ ප්‍රණාමය පුදකර සිටිමි. සෑම නිදහස් දින සැමරුමක්ම අතීතයේ අප අත්කරගත් ජයග්‍රහණ ආවර්ජනය කිරීමටද අප ඉදිරියේ ඇති අනාගත අභියෝග පිළිබඳ තක්සේරුවක යෙදීමටද යොදා ගත හැකි වැදගත් සන්ධිස්ථානයකි.

    අතීත කාර්යසාධනයද, නීතියේ ආධිපත්‍යය ඇතුළු ප්‍රජාතාන්ත්‍රික සම්ප්‍රදායන් කෙරෙහි වූ කැපවීමද, අධ්‍යාපනය හා සෞඛ්‍යය වැනි වැදගත් ක්ශේත්‍රයන් ගෙන ඇති ජයග්‍රහණ මෙන්ම රටට ඇති වටිනාම සම්පත වන නිපුණතාවලින් හෙබි මානව සම්පත පිළිබඳවද ශ්‍රී ලංකාවට ජාතියක් වශයෙන්අ භිමානයට පත්විය හැකිය. කෙසේවතුදු, අවාසනාවකට මෙන්, අතීතයේ හටගත්ගැටුම්කාරී වාතාවරණය අපගේ ප්‍රගතියට බාධාවක් වූවා මෙන්ම එය මන්දගාමී කරලීමටත් හේතු පාදක විය.

    ඒ ව්‍යසනකාරී සමය අතීත මතකයකට පමණක් සීමා කොට, සියලු වාද භේද දුරැරලා, මතු පරපුර වෙනුවෙන් වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම පිණිසද, විවිධ හේතු මත අතීතයේදී අපට අහිමිව ගිය වටිනා අවස්ථා යළි එලෙස අහිමිව යෑම වලක්වා ගැනීම පිණිසද, සියලු ශ්‍රී ලාංකිකයන් උරෙනුර ගැටී කටයුතු කළ යුතුය.

    ආර්ථික සෞභාග්‍යය සමඟ සංහිඳියාව සහ තිරසර සාමය රජයන නව ශ්‍රී ලංකාවක් බිහිකිරීමට අප වෑයම් කළ යුතුය. 70 වැනි නිදහස් දිනය සමරන ශ්‍රී ලාංකිකයන් වන අපගේ තිර අදිටන විය යුත්තේ එයයි. මෙම සන්දර්භය තුළ, කලාපීය මෙන්ම ගෝලීය වශයෙන් සියලුම ශ්‍රී ලාංකිකයන්ට ජාතියක් ලෙස පෙරට පැමිණීම පිණිස ස්ථිර අඩිතාලමක් සකස් කිරීම සඳහාත් ඵලදායීතාව සහ ලෝකය සමඟ පවත්වන සම්බන්ධතාව වැඩිදියුණු කිරීම සඳහාත් රට අර්ථාන්විතව සංවර්ධනය කිරීමට රජය ඇපකැප වී කටයුතු කරයි.


    තිලක් මාරපන (ජනාධිපති නීතිඥ), පාර්ලිමේන්තු මන්ත්‍රී
    විදේශ කටයුතු අමාත්‍ය
    2018 පෙබරවාරි 4 වැනිදා

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya