අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලන නව සමාජිකයින්ට තොරතුරු පනත ගැන වැඩමුළු මාලාවක්

    පෙබරවාරි 03, 2018

    පළාත් පාලන මැතිවරණයෙන් පත් වන නව සමාජිකයින් සඳහා තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජේ.ඩබ්ලිව්.එස්. කිත්සිරි මහතා පැවසීය.

    ඒ අනුව පළාත් පාලන ආයතන 341හි  මහනගර සභා 24ක්, නගර සභා 41ක්, ප්‍රාදේශීය සභා 276ක් වෙනුවෙන් පත්වන 8293ක් වන  සමාජිකයින් සඳහා මෙම වැඩමුළු මාලාව පැවැත්වේ.

    ඒ මහතා ප්‍ර‍කාශ කළේ සෑම දිස්ත්‍රික්කටම  වැඩමුළු 2 බැගින් වැඩමුළු 50ක් පැවැත්වීමට අපේක්ෂා කරන බවයි.


    තොතරතුරු පනත යටතේ තොරතුරු ඉල්ලීම් සඳහා වන ධනාත්මක ප්‍ර‍තිචාර දැක්වීමට රාජ්‍ය නිලධාරින් දැනුම්වත් වී සිටිය යුතු අතර විශේෂයෙන් බිම් මට්ටමේ රාජ්‍ය නිලධාරීන්ගේ දැනුම්වත් කිරීම අත්‍යවශ්‍ය වේ. එම අවශ්‍යතාව සාක්ෂාත් කර ගැනීමේ එක් අරමුණක් ලෙස මෙම වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කිරීමට නියමිත බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya