මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාගර සම්පත් තුළින් තිරසර ආර්ථික සංවර්ධනයක් සදහා බුද්ධි මණ්ඩල සමුළුවක්

    පෙබරවාරි 03, 2018

    ධීවර ක්ෂේත්‍රයේ සහ සාගර සම්පත් තුළින් අනාගත ඉලක්ක ජයගැනීම වෙනුවෙන් බුද්ධි මණ්ඩල සමුළුවක් ස්ථාපිත කිරීම සදහා වන යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් මෙරට ආර්ථිකයේ හැරවුම් ලක්‍ෂය ලෙස ධීවර ක්ෂේත්‍රය පත් කිරීමට හැකි වනු ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.


    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේ, 2016 වසරේදී මෙරට ධීවර කර්මාන්තයට හදුන්වා දුන් “ නිල් ආර්ථික ” වැඩපිළිවෙල හා ඊට සමගාමිව හදුන්වා දුන් ප්‍රජා මුලික කළමනාකරණ වැඩපිළිවෙල යථාර්තයක් කිරීමට මෙම බුද්ධි මණ්ඩල සමුළුවට හැකියාව ලැබෙන බවය.

    ලොව බොහෝ දියුණු රටවල් ප්‍රතිපත්තිමය තීරණ ගැනීම,ආර්ථික කළමනාකරණය,ගෝලීය අර්බුධ සදහා පිළියම් සෙවීම වැනි වඩාත් තීරණාත්මක අවස්ථාවලදී භාවිතා කරනු ලබන අතිසාර්ථක පිළියම් සෙවීමේ ක්‍රමවේදයකි .
    එහිදී තනි පුද්ගලයෙකු හෝ කුඩා පිරිසක් තීරණයක් ගන්නවා වෙනුවට ක්ෂේත්‍රය පිළිබද හසල දැනුමක් සහිත ප්‍රවීනයන්ගේ අත්දැකීම්,සාමුහික අදහස්,යෝජනා,පර්යේෂණ දත්ත එකිනෙක විශ්ලේෂණය කරමින් මෙම බුද්ධි මණ්ඩල සමුළුවට වඩාත් උචිතම හා නිවැරදිම තීරණ වලට එලැඹිය හැකිය .


    මේ අනුව ශ්‍රී ලංකාව සතු මුහුදු සම්පතින් උපරිම ප්‍රථිලාභ රටට හිමිකරදීමට වඩාත් කාලෝචිත පියවරක් තැබීමට මෙම බුද්ධි මණ්ඩල සමුළුවත් සමග හැකියාව ලැබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ විශේෂයෙන් විදෙස් ආයෝජන සදහා ධීවර ක්ෂේත්‍රයේ බොහෝ ඉඩ ප්‍රස්ථා විවරව ඇති බැවින් එම ආයෝජන අවස්ථා රටට හිමිකරදීමේදී මෙම සමුළුව අත්‍යවශ්‍ය සාදකයක් වනු ඇති බවය.

    පරිසරවේදීන් , ආර්ථික විද්‍යාඥයින් , නීතිවේදීන් , නාවුක ඉංජිනේරුවරුන් , නාවුක සහ ජලතරණ නිර්මාණ ශිල්පින් , සමාජ විද්‍යාඥයින් , ධීවර හා සංචාරක කර්මාන්තයට අදාළ නියෝජිතයින් මෙන්ම ධීවරයින්ගෙන් මෙම බුද්ධි මණ්ඩලය සමන්විතය .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya