අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සැකසීමේ කටයුතු අවසන් අදියරේ

    පෙබරවාරි 02, 2018

    ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සැකසීමේ කටයුතු අවසන් අදියරේ පවතින බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරයි.

    ළමා අපයෝජන වැළැක්වීම සහ එවැනි අපයෝජන වලට ගොදුරු වූ ළමයින් ආරක්ෂා කිරීම හා ඔවුන්ට ප්‍රතිකාර කිරීම පිණිස ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ කාර්යය 1998 අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂක අධිකාරි පනත ප්‍රකාරව ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පවරා තිබේ.

    මේ වන විට ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ කෙටුම්පත සඳහා මහජන අදහස්ද ලබාගෙන අවසන් අතර, ලැබුනු එම සියලු අදහස් හා යෝජනා සැළකිල්ලට ගනිමින් අවසන් කෙටුම්පත සැකසීමේ කටයුතු ආරම්භ කර ඇත. එම කටයුතු සිදු කිරීමේ කාර්යය අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීම මගින්, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ආරම්භක සභාපති මෙන්ම ළමා ආරක්ෂක ක්ෂේත්‍රයේ ප්‍රවීන විශේෂඥයෙකුද වන මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවකට භාර දී ඇත.

    එම අවබෝධතා ගිවිසුම ප්‍රකාරව 2018 ජූනි මස 09 වන දිනට ප්‍රථම ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ අවසන් කෙටුම්පත  සකසා අවසන් කරනු ලැබේ. අනතුරුව ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කිරීමට අපේක්ෂිතය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya