ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ නව කර්නල් සේනාවිධායක වෙත යුද්ධ හමුදා සම්ප්‍රදානුකුලව පිවිසුම් දොරටුව අභියසදී කඳවුරු සම්මාන මුරයක් පිරිනැමු අතර වැඩබලන මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ලංකා අමරපාල මහතා විසින් මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චි මහතා පිළිගන්නා ලදී.
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චි මහතා නව කාර්යාලයේදී මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායානා මධ්‍යයේ නිල ලේඛණයකට අත්සන් තබමින් සිය තනතුරෙහි රාජකාරි අරඹන ලදී.
ඉන් අනතුරුව, නව කර්නල් සේනාවිධායක විසින් දිවිපිදු රණවිරුවන් සිහිපත් කරමින් ශ්‍රි ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මුලස්ථානයේ රණවිරු ස්මාරකය වෙත මල් කළඹ තැන්පත් කරමින් සිය ආචාරය පුදකරන ලදී.
නව කර්නල් සේනාවිධායක වෙත විශේෂ සම්මාන ආචාර පෙළපාලියක් ද පිරිනැමු අතර, එතුමන් විසින් අණදෙන නිලධාරින් සහ මාණ්ඩලික නිලධාරින් සඳහා සිය අනාගත සැලසුම් සම්බන්ධව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සම්මන්ත්රණ ශාලාවේදි දැනුවත් කරන ලදි.