නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුළුබඩු අපනයනය ආශ්‍රිත නියමු ව්‍යාපෘතියක්

    ජනවාරි 30, 2018

    ශ්‍රී ලංකාවේ කුළුබඩුවල කීර්තිනාමය වැඩි දියුණු කරමින් ඉහළටම ගෙන යාම සඳහා කුළුබඩු අපනයනය ආශ්‍රිත නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරන බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුඩීන් මහතා පවසයි.

    ඒ මඟින් "සිලෝන් ගම්මිරිස්" කීර්තිනාමය තව තවත් ඉහළට නංවමින්, කුළුබඩු අපනයනකරුවන්ට අමාත්‍යාංශය හා ආයතන හරහා සහාය ලබා දීමට පියවර ගන්නවා. එහි පළමු පියවර ලෙස සති 1 -2 ක් ගතවන අපනයන
    නිෂ්කාශන කටයුතු කඩිනම් කිරීමට, මා පියවර ගන්නවා.

    ඒ අනුව මම වාණිජ දෙපාර්තමේන්තුවට කියනවා, පැය 48 කටත් අඩු කාලයකින් අපනයන නිෂ්කාශන කටයුතු ඉටු කරන ලෙසට නියම කරනවා. ඒ වගේම ඔබට බලපාන සෑම බාධකයක්ම ඉවත් කර ඔබගේ අපනයන දෙගුණයක් දක්වා වැඩි කිරීමට මේ වසරේදී අපේ අමාත්‍යාංශය ඔස්සේ සහයෝගය ලබා දෙනවා යැයි ද අමාත්‍යවරයා පවසයි.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ,පසුගියදා කර්මාන්ත අමාත්‍යාංශයේ දී කුළුබඩු නිෂ්පාදකයන් සමඟ පැවැති සාකච්ඡාවකදීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya