වව්නියාව ,කිලිනොච්චිය, අම්පාර ,මඩකලපුව හා මන්නාරම දිස්ත්‍රික්කයන්හි වී අස්වැන්න වෙළඳපොලට එන අවස්ථාවයි මේ. සහල් වල මිලෙහි අඩුවීමක් දකින්නට නැතත් ගොවීන්ගෙන් මිලදී ගන්නා වී රුපියල් 27,28,29 වැනි ගණන් වලට ගිය නිසා රජයක් හැටියට වී ගොවියා ආරක්ෂා කර ගැනීම අපේ වගකීමයි. ඒ අය ආරක්ෂා කර ගන්න මේ මහ කන්නයේදී සම්බා වී කිලෝවක් රුපියල් 41 ක්ද නාඩු කිලෝවක් රුපියල් 38ක සහතික මිලක් ලබා දෙන්න කටයුතු කළා යැයි අමාත්‍ය පී.හැරිසන් මහතා මෙහිදී පැවසීය.
එක් ගොවියෙකුගෙන් වී කිලෝ 2000 ක් මිලදී ගැනීම රජයේ අපේක්ෂාවයි. නොකඩවා වී තොඟ මිලදී ගැනීම සදහා ගබඩා විවෘත කර තබන බවත් ඉදිරියේදී වව්නියාව දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 16 කත් කිලිනොච්චිය, මන්නාරම මඩකලපුව,අම්පාර, මුලතිව් හා අනෙකුත් දිස්ත්‍රික්කවල වී අස්වැන්න මිලදී ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් සතියක් හෝ දෙකක් ඇතුළත මුදල් ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.
කමතේදීම වී අඩුමිලට ලබා නොදී හොදින් වේලා ගබඩා කර ගැනීමෙන් වැඩි මිලක් ලබා ගැනීමට හැකිවන හෙයින් කම්මැලි නොවී වී හොදින් වේලා ගබඩා කර ගන්නා මෙන් අමාත්‍යවරයා ගොවීන්ගෙන් ඉල්ලීමක්ද කළේය.
මඩකලපුව, මුලතිව්, කිළිනොච්ච්ය, වව්නියාව, අම්පාර හා කුරුණෑගල දිස්ත‍්‍රික්ක තුල වී අස්වැන්න මේ දිනවල ලැබෙන අතර ගොවීන්ගේ වී තොග රජයේ සහතික මිලට ලබා ගන්නා බව මේ වනවිට උතුරු ප්‍රදේශයේ සියළුම ගොවි සංවිධානවලට දැණුම් දී ඇති බවත් වවුනියාවේදී සංකේතාත්මකව වී මිලට ගැනීම ආරම්භ කිරීමත් සමඟම උතුරේ සෑම දිස්ත්‍රික්කයකම ගොවීන්ට 29 දා සිට තමන්ට පහසු වී අලෙවි මණ්ඩලයේ ගබඩාවන් වෙත වී අලෙවි කළ හැකි බව වී අලෙවි මණ්ඩලය සඳහන් කරයි.
වී අලෙවි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී සමන් පාලිත බණ්ඩාර මහතා ඇතුළුව පළාතේ රාජ්‍ය නිලධාරීන්රැ සක්ද මෙම අවස්ථාවට එක්වූහ.