නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වියළි කාලගුණයේ සුළු වෙනසක්

    ජනවාරි 28, 2018

    නැගෙනහිර සහ ඌවපළාත්වල පවතින වියළි කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් හෙට සිට අපේක්ෂ කළ හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (28) නිකුත් කල කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

    නැගෙනහිර සහ ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවේ.

    ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස 2.00 න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් ඇතිවිය හැක. සෙසු පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. බස්නාහිර සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් විටින් විට හමන (පැ.කි.මී 40 දක්වා) තරමක් තද සුළං බලාපොරොත්තු විය හැක. දිවයිනේ සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවද කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව කියයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya