නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළියෙන් තැපැල් ඡන්ද හිමියන් 13,395ක්

    ජනවාරි 27, 2018

    පළාත් පාලන මැතිවරණයට අදාළව නුවරඑළිය  දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිම සාර්ථකව සිදුවු බව දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරි දිසාපති එම් .බි.ආර් පුෂ්පකුමාර මහතා පැවසීය.

    තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ දෙවන අදියර ජනවාරි 25 සහ 26 දෙදින තුළ නුවරඑළිය දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනවල  සහතික කිරීමේ නිලධාරින් 179 දෙනකුගේ අධික්ෂණය යටතේ සිදුවු  බවත්,  රාජ්‍ය සේවකයින් 13,395ක්  තැපැල් ඡන්දය අයදුම් කර තිබු බවත් දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරිවරයා සඳහන් කළේය.

    නුවරඑළිය  දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ පළමු අදියර ජනවාරි 22 දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මැතිවරණ කාර්යාලය සහ පොලිස් ස්ථාන 27 ක් තුළ සිදුවිය.

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය මහ නගර සභාව, හැටන් දික්ඔය නගර සභාව තලවකැලේ ලිඳුල නගර සභාව සහ මස්කෙළිය ,නොවුඩ් ,අඹගමුව ,ආගරපතන,  කොටගල, නුවරඑළිය, කොත්මලේ , හගුරන්කෙත, වලපනේ යන ප්‍රාදේශිය සභා ඇතුළුව පලාත් පාළාත් ආයතන දොළහක් සඳහා සභිකයින් 306 ක් තෝරා ගැනිම ට මෙම මැතිවරණයේදි අ‍පේක්ෂා  කෙරේ.

    KPM/නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya