නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුවේටයේ නීතිවිරෝධීව රැඳී සිටින්නන්ට පොදු සමා කාලයක්

    ජනවාරි 26, 2018
    කුවේට් රජය විසින් 2018 ජනවාරි මස 29 දින සිට 2018 පෙබරවාරි 22 දින දක්වා වීසා නීති උල්ලංඝණය කර ඇති පුද්ගලයින් සඳහා පොදු සමා කාලයක් එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය විසින් ප‍්‍රකාශයට පත් කර ඇත. 
     
    මෙම පොදු සමා කාලය යටතේ නීත්‍යානුකූලව වීසා නොමැතිව කුවේට්හි වෙසෙන විදේශීකයින්ට නියමිත කාලය තුළ අදාල දඩ මුදල් ගෙවීමකින් තොරව හා අදාළ ආයතනවල විශේෂ අවසරයක් ලබාගැනීමේන් තොරව එරටින් පිටවිය හැකියි. මෙසේ පිටවන අයට නීත්‍යානුකූල අයුරින් නැවත කුවේට් රාජ්‍යට පැමිණීමටද (වෙනත් නීතිමය බාධා නොමැති නම්) අවසර ලැබෙනු ඇත.
     
    තවද, මෙම සමා කාලය තුළදී තමන් විසින් ගෙවීමට ඇති අදාළ සියළු දඩ මුදල් ගෙවා, වලංගු වීසා බලපත‍්‍රයක් ලබාගෙන තවදුරටත් කුවේට් රටේ රැඳී සිටීමටද අවසර ලබාදෙනු ඇත.
     
    ගමන් තහනම් (Travel Ban) හෝ උසාවි මඟින් තහංචි පනවා ඇති අයට මෙම පොදු සමාව අදාළ නොවන අතර, එවැනි නීතිමය ගැටළු ඇති අය ළඟම ඇති ජවසාත් (Department of Residency Affairs) වෙත ගොස් තම ගැටළු විසඳා ගැනීමට පියවර ගත යුතුය.
     
    එසේම මෙම පොදු සමා කාලය තුළ කුවේට් රාජ්‍යයෙන් පිටවිමට අවසර ලබාදී තිබියදීත් එසේ නොකර තවදුරටත් රැඳී සිටින පුද්ගලයින් අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කිරීමට කුවේට් බලධාරීන් පියවර ගනු ඇත. එමෙන්ම මෙම පොදු සමා කාලය ආරම්භ වන 2018 ජනවාරි මස 29න් පසුව කුවේට් රටට පැමිණෙන හා එදිනෙන් පසු නීති කඩකිරීම් සිදුකරන අය හට මෙම පොදු සමා කාලය හරහා සහනයක් නොලැබේ.
     
    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළේ, මේ වන විට කුවේට් රාජ්‍යයේ 15,447ට ආසන්න ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් වලංගු වීසා නොමැතිව රැඳී සිටින බවයි. මෙසේ නීති විරෝධී අයුරින් එරට රැඳී සිටින ඥාතීන් වේ නම් මේ සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කර එම කාලය තුළදී මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙස මෙරට සිටින ඥාතීන්ගෙන් අමාත්‍යතුමිය ඉල්ලා සිටියාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya