නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුවන් හමුදාවට නව නිෂ්පාදන අංශ දෙකක්

    ජනවාරි 26, 2018

    කටුනායක ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ ඉදිකරන ලද රබර් මිශ‍්‍ර කොහු මෙට්ට නිෂ්පාදන අංශය සහ ඉවතලන කඩදාසි ප‍්‍රතිචක‍්‍රීකරණ අංශය විවෘත කිරීම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් ඊයේ (25) කටුනායක ගුවන් හමුදා කඳවුරේදී සිදු කෙරිණි.

    මෙම ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු සහ ස්ථාපිත කිරීමේ කටයුතු ගුවන් හමුදාධිපතිවරයාගේ පූර්ණ මගපෙන්වීම යටතේ ගුවන් හමුදා විධායක පර්යේෂණ හා සංවර්ධන නිළධාරී එයාර් කොමඩෝර් ජේ.පී. බාලසූරිය සහ කටුනායක ගුවන් හමුදා කඳවුරු පර්යේෂණ හා සංවර්ධන අංශයේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එස්.ඩබ්.සී.පී. බෝධිසීල විසින් සිදු කරන ලදී.

    මෙම නිෂ්පාදන අංශයන් ස්ථාපිත කිරීම තුළින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ අවශ්‍යතාවයන් සඳහා රබර් මිශ‍්‍ර කොහු මෙට්ට සහ කඩදාසි නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වෙයි.

    ගුවන් හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ඒ එම් ද සොයිසා, ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ සාමාජිකයින්, ගුවන් හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන්, කටුනායක ගුවන් හමුදා කඳවුරු ගුවන් හමුදා නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක්ද මෙම අවස්ථාවට එක් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya