නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෙට සිට වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක්

    ජනවාරි 26, 2018

    නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වියළි කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් හෙට සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

    හම්බන්තොට,ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස 2.00 න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් ඇතිවිය හැක.සෙසු පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

    බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවල විටින් විට හමන (පැ.කි.මී 40 දක්වා) තරමක් තද සුළං බලාපොරොත්තු වේ.

    දිවයිනේ උතුරු,නැගෙනහිර,උතුරුමැද පළාත්වල ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් බලාපොරොත්තු විය හැක.

    දිවයිනේ සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya