නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසි රහිත කාලගුණික තත්ත්වයක්

    ජනවාරි 24, 2018

    දිවයිනේ බොහෝ පළාත් වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (24) නිවේදනය කර තිබේ.

    කෙසේ වෙතත්,හම්බන්තොට,මාතර, බදුල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක වල සවස 2.00 න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් ඇති විය හැක.

    බස්නාහිර සහ සබරගමුව පළාත් වලත්,මඩකලපුව දිස්ත්‍රික්කයේත් විටින් විට හමන (පැ.කි.මී 40 දක්වා) තරමක් තද සුළං බලාපොරොත්තු වේ. දිවයිනේ උතුරු පළාතේ ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් බලාපොරොත්තු විය හැක. දිවයිනේ සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවද නිකුත් කළ කාලගුණ අනාවැකියේ කියැවෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya