මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවරයින්ට භූමිතෙල් සැපයීම සීමා කර නැහැ - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

    ජනවාරි 23, 2018
    ලංකා භූමිතෙල් අවභාවිතය වළක්වාලමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කළ චක්‍රලේඛය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් අසත්‍ය කරුණු ප්‍රකාශ කරමින් සිටින බවත් භූමිතෙල් ධීවර ප්‍රජාවට හෝ අඩු ආදායම්ලාභී පවුල් වෙත සැපයීම කිසිම අවස්ථාවක සීමා කර නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
     
    ලංකා භූමිතෙල් පාඩු ලබමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අලෙවි කරනුයේද ධීවර ප්‍රජාවට සහ අඩුආදායම් ලාභී පවුල්වලට සහන ලබා දීමේ අරමුණනි. එබැවින් ධීවර ප්‍රජාවට හෝ අඩු අදායම්ලාභී පවුල් වෙත ලංකා භූමිතෙල් ඉල්ලුමේ ප්‍රමාණයට සපයන්නැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සියලුම පිරවුම්හල් වෙත තරයේ උපදෙස් දී තිබේ.
     
    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගිය 18දා නිකුත් කළ චක්‍රලේඛයෙන් අවධාරණය කර ඇත්තේ ලංකා භූමිතෙල්වලට ලබා දෙන සහනයට මුවාවී මහා පරිමාණයෙන් සිදුකෙරන ලංකා භූමිතෙල් අවභාවිතය වැළැක්වීම සඳහා වූ ක්‍රියාමාර්ග පමණක් බවත් එම සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි.
     
    - DB -
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya