අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්ධන අවභාවිතය සහ අක්‍රමිකතා වැළැක්වීමට හදිසි වැටලීම් වේගවත් කරයි

    ජනවාරි 23, 2018

    ඉන්ධන අවභාවිතය සහ අක්‍රමිකතා වැළැක්වීමට හදිසි වැටලීම් තවදුරටත් වේගවත් කර ඇති බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රනතුංග මහතා පවසයි.

    නුගේගොඩ ගම්සභා හංදියේ පිහිටි ඉන්ධන පිරවුම්හලේ පෙට්‍රල් පොම්පවලට සහ භූගත පෙට්‍රල් ගබඩා ටැංකියට සීල් තබනා ඇතැයි ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

    මෙම වැටලීම ලංකා ඛනිජ ‍තෙල් නීතිගත සංස්ථාවේ හදිසි වැටලීම් විමර්ශන අංශය විසින් සිදු කර ඇත.

    පෙට්‍රල්වලට භූමිතෙල් කලවම් කර විකුණන බවට පාරිභෝගිකයින්ගෙන් ලැබුණු පැමිණිලි මත ඊයේ (22) රාත්‍රියේ සිදු කළ හදිසි වැටලීමකින් පසුව එම සීල් තැබීම සිදු කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. වැඩිදුර
    විමර්ශන සඳහා එහි පෙට්‍රල් සාම්පල මේ වන විට රසායනාගාර පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර එහි ප්‍රතිඵල මත ඉදිරි පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියා සිටී.

    මේ අතර කොලොන්නාවේ සිට කොළඹ ගලධාරී හෝටලය වෙත දැවිතෙල් ප්‍රවාහනය කරමින් සිටියදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හදිසි විමර්ශන අංශ‍‍ය සිය භාරයට ගත් බවුසරයේ වූ ටැංකි කිහිපයක දැවිතෙල්
    තත්ත්වයෙන් බාල බව රසායනාගාර පරීක්ෂණවලදී තවහවුරු වී තිබේ.

    එහිදී අතරමඟදී එම බවුසරයේ අදාල ටැංකිවල වු දැවිතෙල්වලට යම්කිසි බාල ඉන්ධන වර්ගයක් මිශ්‍ර කර ඇති බවට සැක කෙරේ. එම සැකයට හේතු වී ඇත්තේ එම බවුසරය නියමිත ගමන් මාර්ගයේ නොගොස් සැක කටයුතු ස්ථානයක දිගු වේලාවක් නතර කර තිබීමයි.


    එය නිරීක්ෂණය කිරීමෙන් පසුව එම බවුසරය සිය භාරයට ගැනීමට හදිසි විමර්ශන අංශය කටයුතු කර තිබේ. එහි වැඩිදුර පරීක්ෂණ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විමර්ශන අංශය විසින් සිදු කරයි.


    මේ අතර විෂයභාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසන්නේ ඉන්ධන අවභාවිතය සහ අක්‍රමිකතා වැළැක්වීමට හදිසි වැටලීම් තවදුරටත් වේගවත් කර ඇති බවයි. ඉන්ධන කලවම් කිරීමක් ගැන වාර්තා වුවහොත් වහාම ළඟම
    ඇති පොලිසියට හෝ 0728870624 සහ 0777748417 යන දුරකථන අංකවලින් හදිසි වැටලීම් ඒකකයේ නිලධාරීන්ට දැනුම් දෙන ලෙසද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya