මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල බදු ඉහළ දමා ඇති බවට වන මාධ්‍ය වාර්තා අසත්‍යයි - මුදල් අමාත්‍යංශය

    ජනවාරි 22, 2018
    2018 ජනවාරි මස 18දා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නිකුත් කර ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ පනත යටතේ වන ගැසට් නිවේදනය මගින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල බදු ඉහළ දමා ඇති බවට ඇතැම් මාධ්‍යවල ප්‍රචාරය වූ ප්‍රවෘත්තියේ කිසිඳු සත්‍යතාවක් නොමැති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
     
    අදාළ ගැසට් නිවේදනය මගින් සිදු කර ඇත්තේ උම්බලකඩ, වියළි මිරිස් ඇතුළු කුඩුබඩු වර්ග කිහිපයක් මත පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ක්‍රියාත්මක කිරීමේ කාලසීමාව තව දුරටත් දීර්ඝ කිරීම පමණි. 
     
    2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතේ නීතිමය විධිවිධාන පරිදි යම්කිසි භාණ්ඩයක් සඳහා එම බදු පැනවීම සිදු කළ යුත්තේ බද්ද අය කෙරෙන කාල සීමාව නිශ්චිතව ගැසට් පත්‍රයේ සඳහන් කරමිනි.
     
    ජනවාරි මස 18 වැනි දිනැති අංක 2054/40 දරන ගැසට් නිවේදනය මගින් සිදු කර ඇත්තේ, උම්බලකඩ ඇතුළු භාණ්ඩ කිහිපයක් මත 2017 ජූලි 19 වැනි දිනැති අංක 2028/44 දරන ගැසට් නිවේදනය මගින් පැනවූ බදු අනුපාත එලෙසම ක්‍රියාත්මක කිරීමයි. 
     
    ඒ අනුව අදාළ ගැසට් නිවේදනය මගින් භාණ්ඩ බදු ඉහළ යාමක් සිදු නොවන අතර, ඉදිරි මාස 6ක කාලයක් සඳහා ද පවතින මිල ගණන් යටතේ පාරිභෝගිකයන්ට එම භාණ්ඩ මිල දී ගත හැකි ය. 
     
    - DB - 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya