මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රථම ජාතික සෞඛ්‍ය නාලිකාව එළිදකී

    ජනවාරි 22, 2018
    “Life TV” හෙවත් ජාතික සෞඛ්‍ය නාලිකාව ජාතියට දායාද කිරීමේ උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩි හෝටලයේ දී පසුගියදා අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
     
    වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ සෞඛ්‍ය පිළිබඳ කථිකාවතක් ඇති වී තිබෙන බවත්  ඒ සෞඛ්‍ය සේවාව දියුණු කිරිම සඳහා ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් බවත් විශේෂයෙන්ම දිවයින පුරා සියලු ම රෝහල් පරිගණක ගත කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම වසරේ දී රෝහල් 300ක් ඊ-හෙල්ත් ව්‍යාපෘතියට ඇතුලත් කරනවා යැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මෙම අවස්ථාවට එක්වෙමින් පැවසීය.
     
    වසර 2020 වනවිට රෝහල් 1000 ක් මෙම ව්‍යාපෘතියට ඇතුලත් කිරීම තම අරමුණ බවත් මහනුවර මහ රෝහල් භූමියේ ඉදිකෙරෙන තැලසීමියා ප්‍රතිකාර මධ්‍යස්ථානය ලබන ඔක්තෝබර් මාසයේ දී විවෘත කිරීමට සැළසුම් කර තිබෙන අතර ම දැනට තැලසීමියා රෝගීන් 3000 ක් දිවයින පුරා සිටින බව අනාවරණ වී තිබෙන යැයි ද අමාත්‍යවරයා පැවසීය.
     
    "බෝනොවන රෝග අභියෝගයක්. ජීවන රටාව සහ ව්‍යායාම නොකිරීම ඊට හේතු වී තිබෙනවා. 2017 වසරේ දී බෝනොවන රෝගවලින් ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 137000 ක් මියගොස් ඇති බව අනාවරණ වී තිබෙනවා. මේ පිළිබද සමාජ කථිකාවතක් ඇති කළ යුතුයි" යැයි ද කීය.
     
    මෙහිදි Family නමින් සෞඛ්‍ය සගරාවක් ද එළිදක්වන ලදි.
     
    මෙම අවස්ථාවට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය සයුර සමරසුන්දර මහතා ඇතුලු වෛද්‍යවරුන් මෙන්ම විශාල පිරිසක් එක්ව සිටියහ.
     
    - DB -

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya