පැණිබීම සමාගම්වල නියෝජිතයින් තමන් හමු වී සහන ඉල්ලා සිටි බවත්, සහන ලබා දිය යුත්තේ ජනතාවට බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා අනාවරණ කරයි.
බෝ නොවන රෝග පාලනය කිරිම සඳහා පැණිබීම වර්ගවලට වර්ණ සංකේත ක්‍රමයක් පළමුව හදුන්වා දෙන ලදි. ඉන් පසු අයවැය මගින් මෙම යෝජනාව ඉදිරිපත් කළ අතර, එම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටි. මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇත. ලෝක බැංකු ආධාර යටතේ ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 200 ක මුදලක් ලැබී ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව බෝනොවන රෝගවලින් වාර්ෂිකව ලොව පුරා ජනගහනයෙන් සියයට 70 ක් පමණ මිය යන බව අනාවරණ වී තිබේ. ශ්‍රී ලංකාව දෙස බැලීමේ දී දියවැඩියා රෝගයෙන් මිය යන සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. ඒ සඳහා ප්‍රධාන වී ඇත්තේ අධික සීනි පරිභෝජනයයි. ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ වසරක දී ලොව පුරා ලක්ෂ 50 ක් පමණ දියවැඩියා රෝගයෙන් පමණක් මිය යන බවයි. එම නිසා සීනි පරිභෝජනය අවම කිරීමට කටයුතු කරන බවත්, කුමන බලපෑම් එල්ල වුවද එය නතර නොකරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.
සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මෙම අදහස් ප්‍රකාශ කරන ලද්දේ ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් පවත්වන ලද සමස්ත ලංකා පාසල් තරගවල ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට සම්මාන සහ සහතික පත්‍ර පිරිනැමීම වෙනුවෙන් කොළඹ නෙළුම් පොකුණ රගහලේ පැවැති උත්සවයක් අමතමිනි.
- DB -