අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    භූමිතෙල් තොග වශයෙන් භාජනවලට නිකුත් කිරීම තහනම් - අවභාවිතය නතර කිරීමට දඩි නීති

    ජනවාරි 22, 2018

    ලංකා ‍භූමිතෙල් රථවාහනවලට, කර්මාන්තශාලාවට, බවුසර්වලට සහ තොග වශයෙන් භාජනවලට මෙන්ම බැරල්වලට අලෙවි කිරීම තහනම් කරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දිවයිනේ සියලුම පිරවුම්හල් වෙත නියෝගයක් නිකුත් කර තිබේ.

    ඒ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති දම්මික රණතුංග මහතාගේ අත්සනින් යුතුව සියලුම  සි‍පෙට්කෝ බෙදුම්කරුවන් වෙත අංක 987 යටතේ චක්‍රලේඛයක් නිකුත් කරමිනි.

    ලංකා භූමිතෙල් සහ කාර්මික භූමිතෙල් ලෙස භූමිතෙල් වර්ග දෙකක් වෙළඳපොළේ විකිණීමට ඇත. මෙයින්  ලංකා භූමිතෙල් යනු සාමාන්‍ය පරිභෝජනය සඳහා රජයේ සහනාධාරය යටතේ අඩු ආදායම් ලාභී ජනතාවට සහ
    ධීවර ප්‍රජාව ඉලක්ක කර අලෙවි කෙරෙන භූමිතෙල්ය. එම භූමිතෙල් රතු පැහැයෙන් යුක්තය. කර්මාන්ත ශාලා සහ  තොග වශයෙන් භාවිත කිරීමට යොදා ගන්නා භුමිතෙල් කාර්මික භූමිතෙල් නමින් හැඳින්වේ. කාර්මික භූමිතෙල්  අවර්ණය. මෙහිදී අඩු ආදායම් ලබන ශ්‍රී ලංකාවාසී ජනතාවට සහ ධීවර ප්‍රජාවට ආර්ථික සහනයක් ලබා දීමේ  අරමුණ ඇතිව ලංකා භූමිතෙල් අලෙවි කරනුයේ එක් ලීටරයකින් රුපියල් 30ක පාඩුවක් සංස්ථාව ලබමිනි.

    2015  වර්ෂයේ ලංකා භූමිතෙල් අලෙවිය හා 2017 වර්ෂයේ පසුගිය මාසවල ලංකා භූමිතෙල් අලෙවිය සංසන්දනය කරන  විට මෙරට ලංකා භූමිතෙල් පරිභෝජනය වැඩි වී ඇතැයිද අනාවරණය වී තිබේ. ඊට ප්‍රධාන වශයෙන්ම හේතු වී  ඇත්තේ ඇතැම් ‍පිරවුම්පොළවල බෙදුම්කරුවන් අධික ලාභ ලැබීමේ පරමාර්ථයෙන් ලංකා භූමිතෙල් වැඩි  වශයෙන් ව්‍යාපාරික හා කර්මාන්ත ශාලාවලට නිකුත් කිරීමට පෙළඹීමත් බස්රථවලට සහ බවුසර් රථවලට
    භූමිතෙල් යෙදීම මෙන්ම ඩීසල්වලට භූමිතෙල් කලවම් කර විකිණීමත් නිසාය. එහෙත් එවැනි ක්‍රියා නීතිවිරෝධීබව  ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කරයි. එබැවින් එවැනි වරදක් සිදු කළහොත්  බෙදුම්කාරධුරත්වධුරය අහෝසි කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සිය චක්‍රලේඛයෙන් සියලුම සිපෙට්‍කෝ බෙදුම්කරුවන් වෙත දන්වා දන්වා සිටී.

    “දිවයිනේ අඩු ආදායම් ලබන ජනතාවට හා ධීවර ප්‍රජාවට සහන සැලසීමේ පරමාර්ථයෙන් සහන මිලකට අලෙවි  කරනු ලබන ලංකා භූමිතෙල් ඔවුනට පමණක් නිකුත් කිරීමට සියලුම බෙදුම්කරුවන් වගබලා ගත යුතුය.  ව්‍යාපාරික කටයුතුවලට සහ කර්මාන්තශාලාවලට කාර්මික භූමිතෙල් පමණක් නිකුත් කළ යුතුය. පෙට්‍රල් සහ  ඩීසල් වාහනවලට ලංකා භූමිතෙල් අලෙවි කිරීද නීතිවිරෝධි ක්‍රියාවකි. අධික ලාභ ලබා ගැනීමේ අරමුණින්
    ඩීසල්වලට භූමිතෙල් කලවම් කළහොත් එම වරද සිදු කරන පිරවුම්හල්ද තහනම් කෙරේ....” යනුවෙන් සභාපති  දම්මික රණතුංග මහතා විසින් චක්‍රලේඛනයක් නිකුත් කර ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya