අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංචාරකයින්ට ආරක්ෂිත තත්ත්වයක් රටේ පවතිනවා - අමාත්‍ය සාගල රත්නායක

    ජනවාරි 22, 2018

    සංචාරකයින්ට ආරක්ෂිත තත්ත්වයක් රටේ පවතින බවත් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන බවත් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, දෙණියාය ප්‍රදේශයේ පැවතී උත්සව සභාවක් අමතමිනි.

    හම්බන්තොට වරාය ණය උගුලෙන් බේරන්න අපි එතන කර්මාන්ත පුරයක් ඇති කරන කොට ඒ කර්මාන්ත පුරයට කර්මාන්ත ඇවිත් නිෂ්පාදන කරලා විදේශ රටවලට අපනයන කරන කොට එතන රැකියා බිහි වෙනවා. කර්මාන්ත පුර බිහි වෙනවා.වරයට නැව් එන හින්දා වරාය දියුණු වෙනවා.රටට අදායම් එනවා.ඒ හේතුවෙන් අපේ රටේ ආර්ථිකය දියුණු වෙනවා. ගම්මාන දැන් වේගයෙන් දියුණු වෙනවා.ඉදිරියේදී තවත් වේගවත් වෙයි.අපේ රජය කර්මාන්තපුර බොහොමයක් බිහි කරනවා.මතුගම,බිංගිරිය,වැලිගම ඉන් කිහිපයක්.සංචාරක කර්මාන්තය වේගයෙන් දියුණු වෙනවා.මේ රටේ සංචාරකයින්ට තියෙන ආරක්‍ෂිතභාවය හේතුවෙන්.යුද්දය අවසන් වුනාම අපි හිතුවේ සංචාරකයෝ විශාල ප්‍රමාණයක් ඒවි කියලා.නමුත් පැමිණියේ නෑ.ආරක්ෂාව තිබුනේ නැහැ. අද සංචාරකයින්ට ආරක්ෂිත තත්වයක් රටේ තියෙන්නේ.ගැටළුවක් සිදු උනොත් නීතිය හරියට ක්‍රියාත්මක කරනවා.ඒ නිසා සංචාරකයෝ ලංකාවට එන්න පටන් අරගෙන.

    මේ දෙනියාය ආශ්‍රිතව අපි සංචාරක වැඩ සටහන දියුණු කරන්න තව දුරටත් කටයුතු කරනවා.අපේ රටේ තියෙනවා රට දියුණු කරන්න.පෝට්සිටිය සංවර්ධනය වෙද්දී ආර්ථික දියුණුවක් ඇතිවෙනවා.ඒ වගේ අපි සංචාරක කර්මාන්තය රට පුරා දියුණු කරනවා.ත්‍රීකුණාමලය වරාය ආශ්‍රිතව නැගෙනහිර පළාතේ සංචාරක වැඩසටහන දකුණේ සංචාරක වැඩසටහන වෙරළෙන් ඔබ්බට ගෙන ගොස් සිංහරාජය වැනි ප්‍රදේශ වලට ගෙනයනවා.

    මේ ඔක්කොම දියුණු වෙද්දී අපේ ආර්ථිකය දියුණු වෙනවා. රැකියා ඇතිවෙනවා.ඒ ආශ්‍රිත කර්මාන්ත දියුණු වෙනවා.ජනතාවට බොහෝ අවස්ථා ඇති වෙනවා.ඒ වගේම ආර්ථිකය ගොඩ නැගෙනවා. ඒ තැනට තමයි අපි රට ගෙනියන්නේ යැයි ද අමාත්‍යවරයා පැවසී ය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya