අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෑම පාසලකම බෝනොවන රෝග පරීක්ෂණ මාධ්‍යස්ථානයක් ස්ථාපිත කරනවා - සෞඛ්‍ය ඇමැති

    ජනවාරි 21, 2018

    සෑම පාසලකම බෝනොවන රෝග පරීක්ෂණ මධ්‍යස්ථාන ස්ථාපිත කරන අතර ඒ දරුවන්ගේ රෝග හඳුනා ගැනීම සඳහා බවත් බෝනොවන රෝග පාලනය කිරීමට හැකිවීමෙන් නිරෝගී දරු පරපුරක් ඉදිරි අනාගතයේ බිහි කිරීමට හැකියාව ලැබෙන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

    2017 ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් පවත්වන ලද සමස්ත ලංකා පාසල් චිත්‍ර, පෝස්ටර්, නාට්‍ය, කෙටි චිත්‍රපට තරගාවලියේ ජයග්‍රාහකයින්ට ත්‍යාග සහ සහතික පත්‍ර පිරිනැමීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රගහලේ දී ඊයේ ( 20) පැවැත්විනි.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත පැණිබීම අඩංගු සීනි ග්රැමයකට සත 50 ක බද්දක් අයවැය මගින් යෝජනා කළ බවත් මෙම නිර්දේශ ඉදිරිපත් කළේ පර්යේෂණයක් සිදු කිරීමෙන් අනතුරුව බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

     බදු අය කිරීම තුළින් පැණි බීම වර්ගවල මිල ඉහළ ගොස් තිබෙන අතර මෙම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙනයන බවත් පාසල් ආපනශාලා වල අලෙවි කරන ආහාර පිළිබදව අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර තීන්දුවක් ගත යුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

    දරුවන්ට ලබාදිය යුතු ආහාර පිළිබඳව  චක්‍රලේඛ නිකුත් කර ඇතත්, ඒවා නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ නැහැ. සීනි, මේදය සහ ලුණු ආහාර අඩංගු ආහාර දරුවන්ට ලබාදීමෙන් වැළකිය යුතුයි. දෙමාපියන්ට වඩා දරුවන් යහමග යැවීම හරිම පහසුයි. වැඩිහිටියන් සිටින්නේ විවිධ මතිමතාන්තර වලයි. දරුවන්ගේ සිත නිරවුල්ව තිබෙනවා. 

    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චමිපිකා වික්‍රමසිංහ මහත්මිය, විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු, පාසල් සිසුන් එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya