මෙම දෙවන අදියරේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ජනවාරි මස 24 දින සිට පෙබරවාරි මස 02 දින දක්වා දිවයින පුරා පාසල් 24 ක දී සිදුකිරීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
ඒ අනුව පහත සඳහන් පාසල් එම දිනවල දී සම්පූර්ණයෙන් වසා තැබේ.
· කො/ සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලය, කොළඹ 10
· මාර/ මධ්‍ය මහා විද්‍යාලය, මාතර
· කු/ සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලය, මල්ලවපිටිය, කුරුණෑගල
· මහ/ ශාන්ත අන්තෝනි බාලිකා විදුහල, මහනුවර
· බ/ ඌව මධ්‍ය මහා විද්‍යාලය, බදුල්ල
උත්තර පත්‍ර ඇගයීම් සිදු කරන සෙසු පාසල් 19 තුළ ඇගයීම් කටයුතු සිදු කරන අතරතුර පාසලේ වැඩ කටයුතු ද පවත්වාගෙන යන බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.