අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුකාර්ය ධීවර වරාය ඉදිකිරීමට අදාළ මුලික වාර්තාව භාර දෙයි

    ජනවාරි 21, 2018

    කොරීයානු රජයේ ආධාර යටතේ මෙරට ඉදිකිරීමට නියමිත ප්‍රථම බහුකාර්ය ධීවර වරායන් හතරට අදාළ පාරිසරික ඇගයීම් වාර්තාව කොරීයානු සාගර හා ධීවර අමාත්‍යාංශය විසින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා වෙත පසුගිය දා භාර දෙනු ලැබිය.

    2030 වසර දක්වා ඉලක්කගත වැඩපිළිවෙලක් යටතේ මෙම බහුකාර්ය ධීවර වරායන් ඉදිකිරීමට අදාළ මුලික සැලසුම සකස් කර ඇත.

    චලෙයි,මාදගල්, ඩෙල්ෆ් සහ උඩප්පුව ප්‍රදේශ ආශ්‍රිතව මෙම බහුකාර්ය ධීවර වරායන් ඉදිකිරිමට අදාළ මුලික ශක්‍යතා අධ්‍යනය සිදුකරනු ලැබුවේ කොරියාවේ සාගර හා ධීවර අමාත්‍යාංශය මෙන්ම එරට පුසාන් විශ්ව විද්‍යාලය එක්වය.

    එහිදී මෙම වරායන් ඉදිකරන ප්‍රදේශවල පාරිසරික, සමාජ, සංස්කෘතික මෙන්ම ආර්ථික උපාය මාර්ග ජනගහනය මෙන්ම යෝජිත බහුකාර්ය ධීවර වරායන් ඉදිකිරීමෙන් අනතුරුව එම ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය ජනගහන වර්ධනයට සමගාමිව පොදුපහසුකම් සංවර්ධනය වරායන් හි පහසුකම් වැඩිදියුණු වියයුතු අන්දම මෙම මුලික අධ්‍යනය මගින් කරුණු සොයාබලා තිබේ.

    ධීවර, සංචාරක, ප්‍රවාහන හා සමාජ ආර්ථික සංවර්ධනයේ හැරවුම් ලක්‍ෂය ලෙස බහුකාර්ය ධීවර වරායන් පත්කරන බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සඳහන් කරයි.

    මෙම අවස්ථාවට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ජගත් පී.විජේවීර මහතා, රාජ්‍ය ලේකම් අබ්දුල් මජිඩ් මහතා, රාජ්‍ය අමාත්‍යතුමාගේ උපදේශක අයේෂ් රණවක මහතා. ධීවර අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂක තාක්ෂණ, බහුකාර්ය ධීවර වරාය ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂක මොන්ටි රණතුංග මහතා ඇතුළු නිලධාරීන් හා ශ්‍රී ලංකා නාවික හමුදාවේ, ශ්‍රී ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ නිලධාරින්ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya