අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්‍රාම නිලධාරීන් සඳහා කාර්යාල 14,000 ක් - පහසුකම් වැඩි කිරීමට පියවර

    ජනවාරි 21, 2018

    රාජ්‍ය සේවය වඩාත් කාර්යක්‍ෂම කිරීමේ අරමුණින් ග්‍රාමනිලධාරීන් සඳහා නිල සෙවණ කාර්යාල 14,000 ක් සියළු ග්‍රාමනිලධාරී කොට්ඨාශ ආවරණය කරමින් ඉදිකිරීමට ස්වදේශ කටයුතු අමාත්‍යංශය තීරණය කොට තිබේ.

    මේ වන විටත් රුපියල් ලක්‍ෂ 20,000 ක් වැය කොට නිල සෙවණ කාර්යාල 1000 ක් ප්‍රථම අධියර යටතේ ඉදිකිරීමට පියවර ගැනේ.

    මේ තුළින් ග්‍රාමනිලධාරීන්ට වඩාත් පහසුවන සිය සේවාව ඉටුකිරීමට අවකාශ සළසන අතර, ජනතාවට ග්‍රාමනිලධාරීවරයා පහසුවෙන් මුණගැසීමට නිශ්චිත ස්ථානයක් හිමිවන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා
    ප්‍රකාශ කරයි.ග්‍රාමනිලධාරීන්ගේ සේවය වඩාත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය රජය හඳුනා ගත්තේ පසුගියදා සිදුවූ විවිධ ආපදා තත්ත්වයන් තුළයි.

    ග්‍රාමනිලධාරීන් විවිධ දුෂ්කරතා මධ්‍යයයේ ඉටුකරන මෙහෙවර අමාත්‍යංශය හඳුනාගෙන ඇති බවත් ඔවුන්ගේ සේවයට ඇවැසි පහසුකම් තවදුරටත් දියුණු කිරීමට ලැප්ටොප් පරිගණක ලබාදීමේ ව්‍යාපෘතියටක් ද ක්‍රියාවට නංවා ඇති අතර, කාර්යාලයීය පහසුකම් වැඩි දියුණු කිරීමට තවදුරටත් ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා අවධාරණය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya