අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සීනි,මේදය සහ ලුණු ආහාර අඩංගු ආහාර දරුවන්ට ලබාදීමෙන් වැළකිය යුතුයි

    ජනවාරි 21, 2018

    පාසල් ආපනශාලා වල අලෙවි කරන ආහාර පිළිබදව තීන්දුවක් ගත යුතුයි.සීනි, මේදය සහ ලුණු ආහාර අඩංගු ආහාර දරුවන්ට ලබාදීමෙන් වැළකිය යුතුයි යැයි සෞඛ්‍ය,පෝෂණ හා දේශීය විධ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහත පවසයි.

    2017 ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් පවත්වන ලද සමස්ත ලංකා පාසල් චිත්‍ර, පෝස්ටර්, නාට්‍ය, කෙටි චිත්‍රපට තරගාවලියේ ජයග්‍රාහකයින්ට ත්‍යාග සහ සහතික පත්‍ර පිරිනැමීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණ රගහලේ දී ඊයේ ( 20) පැවැත්විනි.

    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත පැණිබීම අඩංගු සීනි ග්‍රෑමයකට සත 50 ක බද්දක් අයවැය මගින් යෝජනා කළා. මෙම නිර්දේශ ඉදිරිපත් කළේ පර්යේෂණයක් සිදු කිරීමෙන් අනතුරුවයි. බදු අය කිරීම තුළින් පැණි බීම වර්ගවල මිල ඉහළ ගොස් තිබෙනවා. මෙම වැඩපිළිවෙල අඛණ්ඩව ඉදිරියට ගෙනයනවා.

    පාසල් ආපනශාලා වල අලෙවි කරන ආහාර පිළිබදව තීන්දුවක් ගත යුතුයි. ඒ අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි. දරුවන්ට ලබාදිය යුතු ආහාර පිළිබදව චක්‍රලේඛ නිකුත් කර ඇතත්, ඒවා නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ නැහැ.

    සීනි, මේදය සහ ලුණු ආහාර අඩංගු ආහාර දරුවන්ට ලබාදීමෙන් වැළකිය යුතුයි. දෙමාපියන්ට වඩා දරුවන් යහමග යැවීම හරිම පහසුයි. වැඩිහිටියන් සිටින්නේ විවිධ මතිමතාන්තර වලයි. දරුවන්ගේ සිත නිරවුල්ව තිබෙනවා. සෑම පාසලකම බෝනොවන රෝග පරීක්ෂණ මධ්‍යස්ථාන ස්ථාපිත කරනවා. ඒ දරුවන්ගේ රෝග හදුනා ගැනීම සදහායි. බෝනොවන රෝග පාලනය කිරීමට හැකිවීමෙන් නිරෝගී දරු පරපුරක් ඉදිරි අනාගතයේ බිහි කිරීමට හැකියාව ලැබෙනවා.”

    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චමිපිකා වික්‍රමසිංහ මහත්මිය, විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු, පාසල් සිසුන් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya