අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දුනීසියානු ජනපති ශ්‍රී ලංකාවේ සංචාරයක...

    ජනවාරි 20, 2018

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඇරයුම මත ඉන්දුනීසියානු ජනපති ජෝකෝ විඩෝඩෝ මහතා 2018 ජනවාරි මස 24-25 යන දෙදින තුළ ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නියැළෙයි.

    හමුදා උත්තමාචාර සහ ආචාර වෙඩිමුර විසිඑකක් සහිතව ජනවාරි මස 24 වැනි දින සන්ධ්‍යාවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඉන්දුනීසියානු ජනාධිපතිවරයා උත්සවාකාරයෙන් පිළිගනු ලබන අතර, ඔහු ඉන් අනතුරුව අන්‍යොන්‍ය වශයෙන් වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග නිල ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි. මෙම සංචාරය අතරතුරදී දෙරට අතර අවබෝධතා ගිවිසුම්
    කිහිපයක්ම අත්සන් තැබීමට නියමිතය.


    ජනවාරි 25 වැනි දින උදෑසන පැවැත්වෙන හමුවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද ජනාධිපති විඩෝඩෝ මහතා සමග ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන සහයෝගිතාව පිළිබඳ සාකච්ඡා පවත්වනු ඇත.


    ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව මීට වසර 65 කට පෙර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කළ අතර එතැන් පටන් අඛණ්ඩව මිත්‍රශීලී ද්විපාර්ශ්වික සම්බන්ධතා පවත්වාගෙන යයි. 2016 වසරේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉන්දුනීසියාවේ රාජ්‍ය සංචාරයක නිරත විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya