අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 73ක් - පොලිස් මූලස්ථානය

    ජනවාරි 19, 2018

    ගෙවුණු පැය 24ක කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 02ක් වාර්තා වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පුද්ගලයින් 03ක් අත්අඩංගුවට ගෙන ඇති අතර එම කාලසීමාව තුළ දීම මැතිවරණ පැමැණි 07ක් වාර්තා වී තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

    ඒ අනුව පසුගිය දෙසැම්බර් 09දා සිට මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝණය කිරීම්73ක් වාර්තාවී ඇති අතර පුද්ගලයින් 148දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරුවන් අතර ඡන්ද අපේක්ෂකයින් 12දෙනෙකු ද වෙති.

    එමෙන් ම පසුගිය දෙසැම්බර් 09දා සිට මේ දක්වා මැතිවරණ පැමිණි 168ක් ලැබී ඇති අතර එම පැමිණිලිවලට අදාළව පුද්ගලයින් 49ක් අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුවන් අතර සිටින අපේක්ෂකයින් ගණන 09ක් බව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya