අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලන නිල ඡන්ද පත්‍රිකා සමඟ පක්ෂ සහ අපේක්ෂක නාම ලැයිස්තුවක්

    ජනවාරි 18, 2018

    මෙවර පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා සමඟ ඒ ඒ පළාත් පාලන ආයතනවලට තරඟ කරන පක්ෂ,ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයන්ගේ නම් ඇතුළත් පත්‍රිකාවක් ද බෙදා හැරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු යොදා ඇත.

    මෙසේ පක්ෂ හා අපේක්ෂකයින්ගේ නම් ලැයිස්තු බෙදා හැරීම මැතිවරණ කොමිෂමට අයත් නිල කාර්යයක් නොවන නමුත් ඡන්ද හිමියන්ගේ පහසුව සඳහා ඒවා බෙදා හැරීමට කොමිෂම තීරණය කළ බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (18) කොමිෂන් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේ දී පැවසී ය.

    පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකාවලින් කොටසක් බෙදා හැරීම සඳහා අද (18) තැපැල් කාර්යාලවලට බාරදුන් අතර ඉතිරි ඒවා හෙට බාර දෙන බව ද සභාපතිවරයා කීය.

    මේ අතර තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කොට අවසන් බවත් පොලිස් දෙපාර්තමේන්තුව, මැතිවරණ කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සේවකයින් සඳහා තැපැල් ඡන්ද විමසීම පෙබරවාරි 22 දා පැවැත් වෙයි.

    සෙසු රජයේ ආයතන , ලංගම ඩිපෝ හා පාසල් සඳහා පෙබරවාරි 25 සහ 26 දිනවල තැපැල් ඡන්ද විමසීම සිදු කෙරේ. තැපැල් ඡන්ද මධ්‍යස්ථාන මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධරීන්ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන
    අතර මැතිවරණ නිරීක්ෂකයින්ට ද එම අවස්ථා නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලබා දෙන බවද මහින්ද දේශප්‍රිය මහතා කීය.

    මැතිවරණ කොමිෂමේ සාමාජික එන්.ජේ. අබේසේකර සහ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ඇම්.ඇම්. මොහොමඩ් යන මහත්වරු ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya