අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපොස සිසුන්ට ජාතික හැදුනුම්පත් ලබාදීම අප්‍රේල් මාසයේ සිට

    ජනවාරි 18, 2018

    අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පොළ) විභාගයට මේ අවුරුද්දේ පෙනී සිටින සිසුන්ට ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම අප්‍රේල් මාසයේ සිට ආරම්භ කිරීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමෙන්තුව තීරණය කර ඇත.

    මේ සඳහා අයඳුම්පත සහිත අදාළ චක්‍රලේඛය අපොස සාමාන්‍ය පොළ පංති තිබෙන සියලු ම පාසල්වල විදුහල්පතිවරුන් වෙත ලබන සතියේ යැවීමට කටයුතු යොදා ඇතැයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා රජයේ නිල පුවත් වෙබ්අඩවියට පැවසීය.

    සියලු ම විදුහල්පතිවරුන් චක්‍රලේඛයේ සඳහන් උපදෙස් පරිදි සිසුන්ගේ විස්තර සහ ඡායා රූප 2018 මාර්තු 31 වන දාට පෙර බත්තරමුල්ලේ පිහිටි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට භාර දිය යුතු බවද ඒ මහතා කීය.

    බොහෝ විදුහල්පතිවරුන් විභාගය ආසන්න වූ පසු සිසුන්ගේ හැඳුනුම්පත් සඳහා අයඳුම්පත් එවීම නිසා දෙපාර්තමේන්තුවට සිදුවන අපහසුතා මගහරවා ගැනීමට මෙම පියවර ගත් බවද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya