අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්ධන පොම්ප සීල් තබයි

    ජනවාරි 18, 2018

    කොළඹ රාජගිරිය - නාවල මාර්ගයේ විවෘත විශ්ව විද්‍යාලය ඉදිරිපිට පිහිටි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බෙදුම්කාරිත්ව ධුරය දරන ඉන්ධන පිරවුම්හලේ පොම්ප සියල්ලටම සීල් තැබීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (18) පියවර ගත් බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

    ඉන්ධනහල්වල පොම්ප යොදා ගනිමින් බවුසර රථවලට භූමිතෙල් පැටවීම නීතිවිරෝධී ක්‍රියාවක් බවත් එම වරද ඉන්ධන පිරවුම්හලේ ඊයේ දින සිදු කෙරුණු බව විශේෂ හදිසි වැටලීම් ඒකකය විසින් අනාවරණය කර ගෙන තිබෙන බව නිවේදනයේ සඳහන් වෙයි.

    එම භූමිතෙල් තොගය කර්මාන්ත ශාලාවක් වෙත හෝ වෙනත් ස්ථානයකට රැගෙන යාමට සූදානම් කර තිබෙන්නට ඇතැයිද විමර්ශන නිලධාරීන් සැක පහළ කරයි. ඒ සම්බන්ධයෙන් වූ පරීක්ෂණ අවසන් වන තුරු ඉන්ධන පිරවුම්හලේ පොම්පවලට සීල්තැබීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වැටලීම් ඒකකය පියවර ගෙන තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya