අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජල රොකට්ටුවෙන් කොළඹ රාජකීයයන් ගිනස් පොතට

    ජනවාරි 17, 2018
    තත්පර පහක කාලයක් තුළ ජල රොකට් 2000 ක් ගුවන්ගත කිරීමෙන් ගිනස් වාර්තාවක් තැබීමට කොළඹ රාජකීය විද්‍යාලයීය දරුවන් සමත් වී තිබේ. 
     
    2013 වසරේ දී චීනයේ (Kung Yik She Secondary School (China) in Tin Shui Wai, Hong Kong, China ) කුන් යික් ශී ද්විතීයික පාසලේ සිසුන් විසින් තත්පර පහක් තුළ ජල රොකට් 1056ක් ගුවන්ගත කිරීමෙන් තැබූ ගිනස් වාර්තාව බිඳ හෙළමින් රාජකීය විද්‍යාලයේ සිසුන් විසින් පසුගියදා එම වාර්තාව අලුත් කොට තිබේ. 
     
    මෙම ගිනස් වාර්තාවට අදාළ සහතිකය පසුගියදින අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වෙත පිළිගන්වනු ලැබීය. ඒ, අධ්‍යාපන අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති තෛපොන්ගල් දින සමරු උත්සවයෙන් අනතුරුවයි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya