අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෙබරවාරියේ සිට දඩ කොළ ගෙදරටම - ඇමති සාගල

    ජනවාරි 11, 2018
    රථවාහන වැරදි සම්බන්ධයෙන් නිකුත් කරන දඩකොළ අදාළ පුද්ගලයාගේ නිවසට එවීමේ අත්ක්‍හදාබැලීමේ ක්‍රමවේදය පෙබරවාරි මාසයේ දී ආරම්භ කරන බවත් රාජකාරි කරන ස්ථානයේ පවතින දුෂ්කරතා සලකා බලා රථවාහන රාජකාරියේ නිරත නිලධාරීන්ට අමතර දීමනාවක් ලබා දීමට කටයුතු කරන බවත් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රථවාහන පොලිස් නිලධාරීන් සඳහා ජාතික රතුකරුස සංගමයේ අනුග්‍රහයෙන් පවත්වන ප්‍රථමාධාර වැඩසටනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.
     
    "අපි මීට වඩා ඉදිරියට යනවා. දඩ කොළ නිකුත් කිරීම සඳහා නූතන තාක්ෂණය භාවිත කරන්න අපි වැඩපිළිවෙළක් හදනවා. විශේෂයෙන්ම රථවාහන නීති උල්ලංඝනය කිරීම්වලදී තාක්ෂණය භාවිත කරන්න අපි සැලසුම් සකස්කරමින් ඉන්නවා. වැරද්ද කරපු අවස්ථාවේ ඡායාරූපයක්, වැරුද්ද මොකක්ද කින දේත් එක්ක දඩ කොළය ගෙදරට යවන ක්‍රමයේ ලබන පෙබරවාරි මාසයේ දී අපි අත්හදා බලන්න කටයුතු කරනවා. එතකොට ඉතින් උසාවියට ගිහින් තර්ක කරගන්න පුළුවන්".
     
    නව ක්‍රමවේදයක් හඳුන්වාදීමෙන් අනතුරුව රථවාහන රාජකාරි සඳහා නිලධාරීන් යෙදවීම අඩු කළ හැකි බවත්  රථහාවන කොට්ටාසයේ නිලධාරීන් සේවය කරන ස්ථානයේ ඇති දුෂ්කරතාව අනුව ඔවුන්ට දීමනාවක් දීමට කටයුතු කරන ලෙසත් පොලිස්පතිවරයා දැනුවත් කොට ඇතැයි පෙන්වාදෙන අමාත්‍යවරයා ඒ දීමනාව දඩ පත්‍රිකාවලින් එකතු වෙන මුදලින් ගෙවිය හැකි බවත් පෙන්වා දෙයි. 
     
    කවුරු මොන කතා කිව්වත් තමන්ගේ රාජකාරිය වෘත්තිය මට්ටමකින් කරන්න කියන දේ සිදුකරන ලෙසත් කවුරු මොනවා කිව්වත් ඒවාට උත්තර දෙන්න නොයා නිශ්ශබ්දව අදාළ වැරුද්දට සරිලන දඩ කොලය දෙන්න යැයි ද අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya