අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාලි දේශයේ සාමසාධක රාජකාරින් සඳහා ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක්

    ජනවාරි 11, 2018
    මාලි දේශයේ සාම සාධක රාජකාරින් සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ තවත් සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩයක් (Combat Convoy Company) පසුගිය දින දිවයිනෙන් පිටත්ව ගොස් ඇත.
     
    18 දෙනෙකුගෙන් සමන්විත මෙම කාණ්ඩය මාලි දේශයේ එක්සත් ජාතින්ගේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇතිකිරීමේ මෙහෙයුම් මූලස්ථානය හෙවත් මිනුස්මා (MINUSMA) යටතේ සාම සාධක රාජකාරින් සඳහා මෙලෙස පිටත්ව ගොස් ඇත.
     
    පළමු කණ්ඩායම ලෙස යුද හමුදා සාමාජිකයින් 150 දෙනෙකුගෙන් සමන්විත සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩය පසුගිය දෙසැම්බර් මස 24 දින දිවයිනෙන් පිටත්ව ගියහ. යුද හමුදාවේ රෙජිමේන්තු 10 කට අයත් හමුදා සාමාජිකයින් 200 දෙනෙකු වසරක කාලයක් මාලි දේශයේ එක්සත් ජාතීන්ගේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානය හෙවත් මිනුස්මා (MINUSMA) හි සාමසාධක රාජකාරින් ඉටු කිරීමට නියමිතය. ඉතිරි සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩායම නුදුරේදීම දිවයිනෙන් පිටත්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya