මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රෝගී සත්කාරක සේවා අතහැර දමා වර්ජනයක නිරත වීම අසාධාරණයි- සුව ඇමැතිගෙන් ප්‍රකාශයක්

    ජනවාරි 11, 2018

    වෘත්තීය සමිති ඉදිරිපත් කළ කරුණු 05 කට එකගත්වය පළ කර තිබිය දී ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ හෙද හෙදියන් රෝගී සත්කාරක සේවා අතහැර දමා වර්ජනයක නිරත වීම අසාධාරණ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට ඊයේ (10) එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.


    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “නව තාක්ෂණයට අනුව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ හෙද හෙදියන් සදහා ඇගිලි සළකුණු යන්ත්‍ර අපි හදුන්වා දුන්නා. පොතක අත්සන් කරනවා කියන්නේ පැරණි ක්‍රමයක්. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දිවයින පුරා සියලුම රෝහල් පරිගණක ගත කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.

    ඒ නව තාක්ෂණය භාවිත කරමින් රෝගී සත්කාරක සේවා කඩිනම් කිරිම සදහායි. නමුත් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ හෙද හෙදියන් නව තාක්ෂණයට විරුද්ධව තමයි ක්‍රියා කරන්නේ. රෝගීන් මේ නිසා අපහසුතාවයට පත්ව තිබෙනවා. වෘත්තීය සමිති මේ පිළිබදව වර්ජනය ආරම්භ කිරීමට ප්‍රථම සාකච්ඡා පැවැත්වූවා. එහිදී වෘත්තීය සමිති ඉදිරිපත් කළ කරුණු 05 කට පාලන අධිකාරිය එකගත්වය පළ කළා. එවැනි එකගතාවයක් තිබිය දී එක් වෘත්තීය සමිතියක මව් සංගමය විසින් එම කරුණු වලට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් වර්ජනයක් දියත් කළා. එය අසාධාරණයි යැයි ද අමාත්‍යවරයා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya