අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාධ්‍යවේදී අභියාචනා සලකා බැලීමට අමාත්‍ය අනුකාරක සභාවක්

    ජනවාරි 10, 2018
    2005 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා කාලය තුළ විවිධ හිරිහැරයන්ට හා පීඩාවන්ට පත් වූ මාධ්‍යවේදීන්ට සහන සැලසීමේ අරමුණින් එවැනි හිරිහැරයන්ට හා පීඩාවන්ට පත්වූ මාධ්‍යවේදීන්ට තම අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා පුවත්පත් දැන්වීම් පළ කිරීම මඟින් අවස්ථාව ලබාදුන් අතර එම අභියාචනා පරීක්ෂා කර බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට නව අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කොට ඇත.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (09) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවක් අනුව මෙම පත්කිරීම කැබිනට් මණ්ඩලය විසින් අනුමත කොට ඇත.
     
    ඒ අනුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම අනුකාරක සභාවේ ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya