අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''මහවැලි වර්ණ ප්‍රදානය - 2018'' අගෝස්තු මාසයේ දී

    ජනවාරි 10, 2018

    ''මහවැලි වර්ණ ප්‍රදානය - 2018''  ජනාධිපතිවරයාගේ ප්‍රදානත්වයෙන් 2018 වර්ෂයේ අගෝස්තු මාසයේදී කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී උත්සවාකාරයෙන් පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබෙන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සඳහන් කරයි

    ශ්‍රී ලංකා මහවැලි සංවර්ධන අධිකාරිය ජාතික ආර්ථික අරමුණු ඉටුකරගැනීම සඳහා දායකත්වය ලබාදීම මූලික කර ගනිමින් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම ප්‍රදානෝත්සවය සමස්ත මහවැලි කලාප දහය ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට කටයුතු සංවිධානය කර ඇත.

    2017 / 2018 මාස් කන්නයේ ආහාර නිෂ්පාදනයේ නව ප්‍රබෝධයක් ඇති කරලීමත්, වස විසෙන් තොර ගුණාත්මක ආහාර මහවැලි කලාප තුළ නිෂ්පාදනය කිරීමත් යනාදී අරමුණු රැසක් මුල් කරගනිමින් මෙම ප්‍රදානෝත්සවය ක්‍රියාත්මක වෙයි.

    විවිධ ක්ෂේත්‍ර ඔස්සේ තරග ඉසව් 11 කින් සමන්විත ක්‍රීඩා වැඩසටහනක්ද මේ යටතේ ක්‍රියාත්මක වේ.

    මහවැලි ජානපදිකයින්, ආයෝජකයින්, සුළුපරිමාණ ව්‍යවසායකයින්, මහවැලි කලාපයන්හි පාසල් ශිෂ්‍ය ශිෂ්‍යයාවන්, ගොවි සංවිධාන, ධීවර සමිති, කිරිගොවි සමිති හා මහවැලි නිලධාරීන් සඳහා මෙමගින් ප්‍රතිලාභ හිමිවනු ලැබේ.

    මෙම ප්‍රදානෝත්සවය කාලරාමුවක් අනුව සිදුකෙරෙන එම අධිකාරිය වැඩදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya