අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආයුර්වේද වෛද්‍යවරුන්ට යුද්ධ හමුදාවෙන් නායකත්ව පුහුණුවක්

    ජනවාරි 09, 2018
    ආයුර්වේද දෙපාර්තමේන්තුවට අලුතෙන් බඳවා ගනු ලැබු ආයුර්වේද වෛද්‍යවරුන් 640 දෙනෙකු වෙනුවෙන් ‘නායකත්ව සංවර්ධනය පිළිබඳ’ සයදින නේවාසික පුහුණු වැඩසටහනක් යුද්ධ හමුදා පුහුණු පාසල් පහක දී දැන් පැවැත්වේ.
     
    ‘න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව තුළින් නායකත්ව හැකියාව සහ ධනාත්මක ආකල්ප වර්ධනය’ යන තේමාව යටතේ දියතලාව, කලත්තෑව, මින්නේරිය, ඇඹිලිපිටිය සහ බූවැලිකඩ යන යුද්ධ හමුදා පුහුණු පාසල් වලදි මෙම පුහුණු වැඩසටහන ඊයේ (8) ආරම්භ විය.
     
     
    මෙම වැඩසටහනේ දී නායකත්ව කුසලතා හා ගුණාංග ප්‍රවර්ධනය, වෘත්තීය කුසලතා වර්ධනය, ජිවිතයේ අභියෝග ජය ගන්නා ආකාරය, නිවැරදි සමාජ අපේක්ෂාවන්, වෘත්තීය මාර්ගෝපදේශනය සහ මානසික සමතුලිතතාවය යන මූලික කරුණු පිළිබඳ අවධානයක් යොමු කරනු ඇත.
     
     
    සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශය විසින් ආරක්ෂක අමාත්‍යංශය වෙතින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා මෙම නායකත්ව පුහුණු වැඩසටහන් සංවිධානය කරන ලෙස යුද්ධ හමුදා මුලස්ථාන පුහුණු අධ්‍යක්ෂ ජනරාල් වෙත  ලබාදී තිබුණි. 
     
     
    ඒ අනුව,දියතලාව ස්වේච්ඡා බලසේනා පුහුණු පාසල, මින්නේරිය පාබල පුහුණු පාසල, අම්පාර සටන් පුහුණු පාසල, දියතලාව ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසල, කලාඔය යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය, කලත්තෑව සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානය, පනාගොඩ, 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව, මින්නේරිය කාලතුවක්කු පාසල, ඇඹිලිපිටිය ඉංජිනේරු පාසල, බුවැලිකඩ සංඥා පාසල, අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, දොඹගොඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා පුහුණු පාසල, කුට්ටිගල ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා පුහුණු පාසල, පුත්තලම විජයබාහු පාබල රෙජිමේන්තු පුහුණු පාසල, මැදවච්චිය 4 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය, දෙහිඅත්තකණ්ඩිය 3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය සහ රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට බලකා පුහුණු පාසල යන ස්ථානයන්හි මෙම නායකත්ව වැඩසටහන් පැවැත්වෙයි.
     
     
    යුද්ධ හමුදාවෙන් 1/3 ක පිරිසක් ජාතිය ගොඩනැඟිමේ මෙහෙවරෙහි නිරතව හැකි උපරිම අයුරින් සිවිල් පරිපාලනයට සහයෝගය ලබාදිය යුතු බවට වූ යුද්ධ හමුදාධිපතිවරයාගේ සංකල්පයට සමගාමීව මෙමපුහුණු වැඩමුළු ක්‍රියාත්මක කෙරේ.
     
     
    යුද්ධ හමුදා උපදේශකයින් විසින් ජනවාරි මස 12 දක්වා මේ අනුව මෙම වැඩසටහන්හි දේශන පැවැත්වීමට නියමිතව ඇත.
     
     
    මෙසේ යුද්ධ හමුදා පුහුණු මධ්‍යස්ථාන පහක පැවැති පුහුණු වැඩසටහන්හි සමාරම්භක උත්සව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරින් සහභාගි වුහ.
     
     
    මීට සති කිහිපයකට පෙර සමෘද්ධි නිලධාරින් වෙනුවෙන් ද මෙවැනිම පුහුණු ව්‍යාපෘතියක් යුද්ධ හමුදාව විසින් සාර්ථකව නිම කළ අතර, පොළොන්නරුවේ දී ජනාධිපතිවරයා ද පැමිණ ඔවුන්ට සුභ පැතුම් එක් කළහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya