අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුරක්ෂා රක්ෂණාවරණය - ලක්ෂ 70 ක ප්‍රතිලාභ දරුවන් අතට

    ජනවාරි 09, 2018
    දිවයිනේ සියලු ම ජාතික සහ පළාත් පාසල්, පෞද්ගලික පාසල් හා ජාත්‍යන්තර පාසල් සහ සියලු පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සියලු ම සිසුන් සඳහා අධ්‍යාපන අමාත්‍යංශය මඟින් හඳුන්වා දුන් සුරක්ෂා සිසු රක්ෂණාවරණයේ ප්‍රතිලාභ ලබාගැනීම වේගවත් වී තිබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
     
    මේ යටතේ සෑම පාසල් දරුවකු සඳහා ම රුපියල් ලක්ෂ 2 ක රක්ෂණාවරණයක් හිමිවන අතර ලක්ෂ 45 කට ආසන්න සිසුන් පිරිසක් මේ යටතේ ආවරණය වේ. ඔක්තෝම්බර් 01දා සිට අධ්‍යාපන අමාත්‍යංශයේ මෙහෙයවීම යටතේ සුරක්ෂා රක්ෂණාවරණ වැඩසටහන බල ගැන්විණි.
     
    2018 ජනවාරි 07 වන විට අධ්‍යාපන අමාත්‍යංශය වෙත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් ලැබුණු සංඛ්‍යාත්මක දත්ත අනුව රුපියල් ලක්ෂ 70 කට වඩා වැඩි මුදලක් රක්ෂණ ප්‍රතිලාභ ලෙස මේ වන විටත් සිසුන් වෙත ගෙවා අවසානය. එමෙන්ම පසුගිය වසරේ ඔක්තෝම්බර් සිට මේ මස දක්වා ගෙවීගිය තෙමස ඇතුළත රක්ෂණ ගෙවීම් සඳහා ඉල්ලීම් 2246 ක් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙත ලැබී ඇති බව ද එම තොරතුරු මගින් අනාවරණය වී තිබේ.
     
    අධ්‍යාපන අමාත්‍යංශය පසුගිය දෙසැම්බර් 07දා පාසල් මට්ටමින් දීප ව්‍යාප්තව දියත් කළ දැනුවත් කිරීමේ වැඩසටහනින් පසු මෙලෙස ප්‍රතිලාභ ලබාගැනීමට පැමිණෙන දරුවන්ගේ ප්‍රමාණයේ යම් ඉහළ යාමක් ද සිදු ව ඇති බව වාර්තා වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya