අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියලු ම ක්‍රීඩා උද්‍යාන ආබාධිත හිතකාමී බවට පරිවර්තනය කරනවා - අමාත්‍ය ෆයිසර් මුස්තෆා

    ජනවාරි 09, 2018
    පළාත් පාලන ආයතන යටතේ තිබෙනක්‍රීඩා උද්‍යාන සියල්ලම ආබාධිත හිතකාමී උද්‍යාන බවට පරිවර්තනය කරන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව පැවසුවේ පසුගිය දා කොළඹ පිහිටි පොදු මහජන සහ ළමා උද්‍යාන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරතවෙමිනි.
     
    බස්නාහිර පළාතේ පිහිටි පොදු මහජන සහ ළමා උද්‍යාන කිහිපයක් ආබාධ සහිත පුද්ගලයන්ට හිතකාමී ලෙසින් සංවර්ධනය කිරීමේ වැඩසටහනේ ප්‍රගතිය සොයා බැලීම සඳහා අමාත්‍යතුමන් මෙලෙස සංචාරයක නිරත විය.
     
    පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය විසින් පසුගිය වසරේ ළමා ක්‍රීඩා උද්‍යාන 09ක් දියුණු කිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමේදී ලක්ෂ 17කට ආසන්න ආබාධිත සහිත පිරිසක් සිටින බවට අනාවරණය වී තිබෙන අතර මෙම පිරිස තවදුරටත් සමාජයේ කොන්කර තැබිය යුතු කොටසක් නොවන අතර ම සාමාන්‍ය දරුවන් විඳින වරප්‍රසාද එම දරුවන්ට හිමිකර දීම මෙම සමාජ සත්කාරයේ අරමුණයි. 
     
    පසුගිය වසරේ මෙන්ම 2018 වසරේ ද අමාත්‍යංශ ප්‍රතිපාදනවලින් පළාත් පාලන ආයතන යටතේ ඇති සියලු ම ක්‍රීඩා උද්‍යාන ආබාධිත හිතකාමී වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බවද අමාත්‍යතුමන් මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya