මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව රෝහල් 2ක් ඉදිකිරීමට සැලසුම්

    ජනවාරි 08, 2018

    නව රෝහල් 02 ක් ඉදිරියේ දී ඉදිකිරීමට සැළසුම් කර තිබෙන බවත් ඉන් එක් රෝහලක් නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ සහ අනෙක් රෝහල කොළඹ නගරයේ  ඉදිකෙරන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

    ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ රෝහල් සංකීර්ණය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මේ බව සඳහන් කළේය.

    ඒ සඳහා රුසියාව සහ එක්සත් රාජධානිය ආධාර ලබාදෙන බව පෙන්වා දුන් ඒ මහතා  ඒ අනුව රාජ්‍ය අංශයෙන් ද නව රෝහල් ඉදිකිරීම සිදු කෙරෙන බවත්

    කොළඹ රෝහල්වල පවතින තදබදය අවම කර ගැනීම සඳහා රුපියල් මිලියන 21,800 ක වියදමින් පානදුරේ ද  රෝහලක් ඉදිකරන බවත් සෞඛ්‍ය සේවයේ පුරප්පාඩු  සඳහා විශ්වවිද්‍යාලයට ඇතුලත් කර ගන්නා සංඛ්‍යාව ද ඉහළ දැමිය යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
     
    මෙරට හෙද සේවාව පවත්වාගෙන යාමට 45,000 ක් පමණ සංඛ්‍යාවක් අවශ්‍ය බවත් හෙද සේවාව සඳහා තවත් 14,000 ක් පමණ බදවා ගත යුතු අතර  ජයවර්ධනපුර රෝහල් භුමියේ හෙද පීඨයක් ස්ථාපිත කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

    එසේම මෙරට වෛද්‍ය නිලධාරීන්ට සිංගප්පුරුවේ දී පුහුණුවක් ලබාදීමට කටයුතු යොදා තිබෙන අතර ඒ සඳහා අවශ්‍ය සාකච්ඡා මේ වන විට අවසන් වී තිබෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    මෙම නිරීක්ෂයෙන් පසු එම විශ්වවිද්‍යාලයේ උපකුලපති රියර්අද්මිරාල් ඡේ.ඡේ රණසිංහ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට සමරු ඵලකයක් ද ලබාදෙන ලදි.
     
    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන ලක්ෂ්මි සෝමතුංග, අමල් හර්ෂ ද සිල්වා, පීඨාධිපතිවරුන්, ආචාර්ය මණ්ඩලය, ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ වෛද්‍ය සිසුන් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya