රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මේ බව පැවසුවේ, 2018 වසරේ ධීවර කර්මාන්තය ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩපිළිවෙල හා ගෙවී ගිය 2017 වසරේ ලබා ඇති ප්‍රගතිය පිළිබදව සාකච්ඡා කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයෙ දී පැවැති සාකච්ජාවේදීය.
එහිදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මෙසේද පැවසීය.“ ඇත්තෙන්ම උදාවු 2018 වසර ධීවර අමාත්‍යාංශයට වගේම අමාත්‍යාංශයට අයත් සියළු ආයතන වලට ඉතාමත් වැදගත් වසරක්. ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයන ප්‍රධාන ක්ෂේත්‍ර තුන අතරට ධීවර කර්මාන්තය පත් කිරීම සදහා යන ඉලක්ක ගත වැඩපිළිවෙල සාර්ථක කරගැනීමේ වසරයි.
ධීවරයා හැමදාම සමාජයෙන් කොන්වී සිටිය යුතු පුද්ගලයෙකු නෙවෙයි . ඔවුන්ට අභිමානයක් තියෙනවා. ඒ අභිමානය රැක දිය යුතුයි.
රටේ ආර්ථිකය මෙන්ම ධීවර ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අපි සියළු දෙනා මේ වසරේ කැපවිය යුතුයි. එහිදී ධීවර ජනතාවට මුහුණ දීමට සිදුව ඇති ගැටළු විසදීමට විධීමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම ඉතාම වැදගත්.
දිස්ත්‍රික් සම්බන්ධිකරණ කම්ටු වලට ඒ ඒ දිස්ත්‍රික් මහජන නියෝජිතයින්ගෙන් හා රාජ්‍ය නිලධාරීන්ගෙන් ජනතාවගේ ගැටළු ඉදිරිපත් වෙනවා. වගකිව යුතු නිලධාරීන් එම කම්ටුව නියෝජනය කරණ නිසා ඒ ගැටළු වලට ඒ අවස්ථාවේදීම විසදුම් ලබාදීම සිදුවෙනවා. හැබැයි දිස්ත්‍රික් සම්බන්ධිකරණ කම්ටු වලට ධීවර අමාත්‍යාංශය නියෝජනය කරමින් කිසිම නිලධාරියෙක් සහභාගී වෙන්නේ නැහැ. මෙය ඉතාම බරපතල ගැටළුවක්. මේ නිසා උතුරු නැගෙනහිර, දකුණ, වයඹ වගේ රටේ ඈත පලාත් වල ධීවර ජනතාවට නිරතුරුව කොළඹට එන්න වෙලා තියෙනවා. තම ගැටළු වලට විසදුම් ලබාගැනීමට. මේ ක්‍රමය වැරදියි. එය නැවත් වීමට කටයුතු කරන්න ඕනේ. මොකද මේ විදිහට ජනතාව රස්තියාදු කල යුතු නැහැ.”
“ මට මතක් වෙනවා මිට වසර 25 කට පමණ පෙර මමත් විවිධ ගැටළු වලට විසදුම් ලබාගැනීමට කොළඹ රස්තියාදු වෙච්ච ආකාරය. එක ගැටළුවට දෙතුන් වතාවක් කොළඹ එන්න සිදුවෙච්ච අවස්ථාත් තියෙනවා. මේ ඈත පළාත්වල ජනතාව එහෙම එන්න ඊට පෙර දින කොළඹ එන්න වෙනවා. එහෙම එන කොට එක්කෝ ඇමතිවරයා නැහැ. නැත්නම් ලේකම් නැහැ. එහෙමත් නැත්නම් අදාළ කටයුතු භාර නිලධාරියා නැහැ. මේ ක්‍රමය රටට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මම ලේකම්තුමාට වගේම අදාළ ආයතන වල ප්‍රධානීන්ට කියන්න කැමතියි ඒ ඒ ධීවර ගැටළු දිස්ත්‍රික් මට්ටමින් විසදීම සදහා කඩිනම් වැඩපිළිවෙලක් සකසන්න කියලා. එලෙස විසදුම් ලබාදීමට නොහැකි ගැටළු පමණක් අමාත්‍යාංශයට හෝ ප්‍රධාන කාර්යාල වලට යොමුකරණ වැඩපිළිවෙලක් පටන්ගන්න.”
“ ඇත්තෙන්ම මම රාජ්‍ය පරිපාලන අමාත්‍යතුමා සමගත් මේ පිලිබදව සාකච්ජා කළා. අඩුම ගනනේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කම්ටු සදහා දිස්ත්‍රික් ධීවර අධ්‍යක්ෂවරයා සහභාගී කරවීමේ වැඩපිළිවෙලක් සකසන්න කියලා. ඒ අනුව මම විශ්වාස කරනවා, ධීවර ජනතාවගේ ගැටළු වලට දිස්ත්‍රික් මට්ටමින් විසදුම් ලබා දී ධීවර කර්මාන්තය රටෙත් ජනතාවගේත් අභිවෘද්ධිය උදෙසා මෙහෙයවීමට උදා වූ නව වසරේ සියළු දෙනාට හැකි වෙයි කියලා.”
“ ඇත්තෙන්ම මට ඉතාම සතුටුයි මම මේ ධීවර කර්මාන්තයට හදුන්වා දුන් “නිල් ආර්ථික” වැඩපිළිවෙල රජය මෙවර ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාත්මක කිරීමට “2018 නීල හරිත අයවැයක් ” ලෙස එළි දක්වා කටයුතු කරමින් සිටීම පිලිබදව. මම කොරියාවේ සිදුකල සංචාරයේ ප්‍රථිපලයක් ලෙස ප්‍රථම වරට ශ්‍රී ලංකාවට හිමිවූ බහු කාර්ය ධීවර වරායන් හි මුලික ශක්‍යතා අධ්‍යන කටයුතු මේ වන විට අවසන් වෙමින් තියෙනවා. ඒ සියළු කටයුතු නොමිලයේ කරන්නේ කොරියාවයි. එය රටක් ලෙස අපි ලද විශාල ජයග්‍රහණයක්. ඒ නිසා මම ඔබ සියළු දෙනාගෙන් ඉල්ලන්නේ අපි එකාවන්ව එකම අරමුණක් යටතේ මේ ධීවර කර්මාන්තය මෙරට විදේශ විනිමය උපයන ප්‍රධාන කර්මාන්ත තුන අතරට ගෙනයාමට කැපවෙමු කියන ඉල්ලීමයි.”
මෙම සාකච්ජාවට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී.විජේවීර මහතා, රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අබ්දුල් මජිඩ් මහතා මෙන්ම සියළු අංශ ප්‍රධානින් මෙන්ම ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට අයත් සියළු ආයතනවල ප්‍රධානින් එක්ව සිටියහ.