අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කන්තලේ සීනි කර්මාන්තශලාවේ සේවක ගැටළු විමසයි

    ජනවාරි 07, 2018

    කන්තලේ සීනි කර්මාන්ත ශාලවේ සේවකයින් මුහුණ පා සිටින ගැටළු හා දුෂ්කරත පිළිබඳව විසඳුම් ලබාදීමේ හමුවක් පසුගිය දා සිදු විය.

    ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශය යටතේ පවතින කන්තලේ සීනි කර්මාන්ත ශාලවේ සේවකයින් පිරිසක් හා ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අතර හමුවක් ඒ අනුව පසුගිය ද අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී සිදු විය.

    මෙහිදී සේවක සංගම් නියෝජනය කරමින් එම කර්මාන්ත ශාලවේ නිළධරින් සහ සේවකයින් එම සාකච්ඡාවට සහභාගී වූ අතර ඔවුන් මුහුණපාන ගැටලු හා දුෂ්කරතා පිළිබඳව සාකච්ඡා කෙරිණි.

    එම අවස්ථාවට ඉඩම් ලේකම් අයි.එච්.කේ.මහානාම මහතා අතිරේක ලේකම් විජිත නන්ද කුමාර මහතා, ජාතික සේවක සංගම් මූලස්ථානය නියෝජනය කරමින් ඒ.එම්.ගුරුසින්හ මහතා ඇතුලු පිරිසක් එක්වූහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya