අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තරුණ පිරිසට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා පුහුණු අවස්ථා

    ජනවාරි 06, 2018

    සීඝ්‍රයෙන් දියුණු වෙමින් පවතින රටක් වශයෙන් ශ්‍රි ලංකාව තුළ ඉදිකිරීම් ක්ෂේත්‍රයේද වෙනසක් ඇති කිරීමේ ජාතික වැඩපිළිවළෙ යටතේ ශ්‍රි ලංකා වෘත්තිය පුහුණු අධිකාරිය ( VTA) සෘජුව දායකවී ඇත.

    රටේ බහුතර තරුණ ප්‍රජාවගේ විශ්වසනියත්වය දින ගනිමින් වැඩි තරුණ පිරිසක් අනාගතයට ගැලපෙන නිපුණ ශ්‍රම බලකායට එක්කර ගැනීමේ අරමුණින් මෙම වෘත්තීය පුහුණු පාඨමාලාවක් හදුන්වාදීමට මෙම පුහුණු අධිකාරිය කටයුතු කර තිබේ.

    මෙම පාඨමාලාව හඳුන්වදීමේ සමාරම්භක උත්සවය පසුගියදා මණ්ඩාවල නැදුන්ගොල්ල ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු සංවර්ධන විද්‍යාස්ථානයේදී නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍යංශයේ ලේකම් පි . රනේපුර, ශ්‍රි ලංකා වෘත්තිය පුහුණු අදිකාරියේ සභාපති ඉංජිනේරු ආචාර්ය ලයනල් පිංටු,  ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    මෙම ව්‍යාපෘතියේදි පෙදරේරු වඩු කාර්මික සහ ජලනල කාර්මික යන ක්ෂේත්‍ර 3 සඳහා කොළඹ, කළුතර, සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල දින 120 පුහුණු වැඩමුළුවක් සැලසුම් කර ඇත. ආධුනික ආධුනිකාවන් 120 ක් පළමු අදියරේදි බඳවා ගැනීම සිදු වන අතර මෙහිදි තරුණියන් වැඩිදෙනෙක් මෙම පාඨමාලා හැදෑරිමට එක්ව සිටිම විශේෂත්වයක් විය.

    මේ සදහා සහභාගීවන සියලුම වඩු ශිල්පි, පෙද‍රේරු හා ජලනල කාර්මික ශිල්පීන් හට පුහුණු උපකරණ, නිල ඇදුම් මෙන්ම ක්ෂේත්‍රයේ රැකියාව කිරීමේදී ඔබට ආරක්ෂක ඇදුම් කට්ටලය හා වැඩ කට්ටලය නොමිලේ ලබා දෙන අතර මෙම දින 120 ක කාලය සාර්ථකව නිමා කරන්නන් හට රු. 60000/=  දීමනාවක්ද සපයනු ලැබේ.

    තත්ත්වයෙන් උසස් නවීන තාක්ෂණයෙන් යුතු පුහුණු පාඨමාලාවක් ලබාදීමට කටයුතු කරනු ලැබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya