අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් පෙළපොත්වල කිසිදු හිඟයක් නෑ - අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල්

    ජනවාරි 05, 2018

    කිසිදු පාසල් පෙළපොතක හිඟයක් නොමති බවත් ඉදිරි සතිය වන විට සියලු පාසල් හා අධ්‍යාපන ආයතනවලට පෙළපොත් බෙදාහැර අවසන් කිරීමට හැකියාව තිබෙන බවත් ඒ පිළිබඳව අනියත බියක් ඇතිකරගත යුතු නැති බවත් ජාතික අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් අයි.එම්.කේ.බී. ඉලංගසිංහ මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට ප්‍රකාශ කළේ ය.

    පෙළපොත් ගිඟයක් සම්බන්ධයෙන් ඇතිව තිබෙන ප්‍රචාර සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඉලංගසිංහ මහතා මේ බව පැවසී ය

    පාසල් ළමයි ලක්ෂ 42ක් සිටිනවා.පාසල් පෙළ පොත් වර්ග 410ක් වශයෙන් මිලියන 40ක් මුද්‍රණය කෙරෙනවා.ළමයින්ට, ගුරුවරුන්ට,විද්‍යාපීඨ සිසුන්ට, ගුරු සිසුන්ට, ජාත්‍යන්තර විද්‍යාලවල දේශීය විෂය නිර්දේශය සඳහා පිරිවෙන් සඳහා මෙන් ම විදෙස් රටවල දරුවන් වෙනුවෙනුත් මෙම පෙළපොත් ලබාදීම සිදු වෙනවා. විදෙස්ගත ශ්‍රී ලාංකික දරුවන් වෙනුවෙනුත් විශාල ඉල්ලුමක් තිබෙනවා. පාසල් පෙළපොත් කිසිදු වෙළඳ සැලක අලෙවි
    කෙරෙන්නේ නෑ. මරදනේ සහ ඉසුරුපායේ පිහිටි අලෙවි සැල්වලින් පමණයි පෙළපොත් මිලදී ගත හැකි වන්නේ.

    අප සාමාන්‍යයෙන් මිලියන හතරක පමණ ස්ටොර්ක් එකක් තියාගන්නවා. මෙවර ගංවතුර හේතුව නිසා විශාල වශයෙන් පාසල් පෙළපොත් හානි වුණා. කිසිදු පාසල් පෙළපොත් හිඟයක් ඇතිව නැහැ. එවැනි ප්‍රචාරවල කිසිදු සත්‍යතාවයක් නෑ. එක් දරුවෙකුට සාමාන්‍යයෙන් පොත් 16ක් පමණ ලබාදෙනවා. පෙළපොත් මුද්‍රණයට යැවීමට පෙර විෂය නිර්දේශවලට අනුකූලව එම පොත් සකස් කිරීම ඒ ඒ විෂය ප්‍රවීණයක් විසින් සිදු කරනවා. ඒ සඳහා සැළකිය යුතු කාලයක් ගතවෙනවා. මුද්‍රණය සඳහාත් සැළකිය යුතු කාලයක් ගත වෙනවා.

    පොත් මුද්‍රණය සඳහා බිලියන හතරක ප්‍රතිපාදන වෙන් කෙරෙනවා. 2018 වසරේ පාසල් පෙළ පොත් සඳහා බිලියන 3.6ක් වැය කර තිබෙනවා. මෙවර පෞද්ගලික ආයතන ඇතුළුව මුද්‍රණ ආයතන 27කට පාසල් පෙළපොත්
    මුද්‍රණය සඳහා ටෙන්ඩර් පටිපාටිවලට අනුකූලව ලබාදුන්නා. මේ වනවිට වසර 2019 අවශ්‍ය පෙළ පොත් මුද්‍රණය  පිළිබඳවත් සාකච්ඡා සිදු කෙරෙනවා.

    පෙළපොත් ඉදිරි සතිය වන විට සියලු පාසල් හා අධ්‍යාපන ආයතනවල බෙදාහැර අවසන් කිරීමට හැකියාවක් තිබෙනවා. එම නිසා ඒ පිළිබඳව අනියත බියක් ඇතිකරගත යුතු නෑ. පෙළපොත් සම්බන්ධයෙන් ගැටළුවක්
    තිබෙනව නම් අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් ඇමැතිය හැකියි. ඒ සඳහා 0112784815 දූරකතනය අමතා දැනුවත් කරන්න යැයි ද අයි.එම්.කේ.බී. ඉලංගසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya