අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2017දී යතුරුපැදි අනතුරුවල වැඩිවීමක්

    ජනවාරි 05, 2018
     
    පසුගිය 2017 වසරේ දී යතුරුපැදි අනතුරුවල යම් වැඩිවීමක් දක්නට ලැබෙන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවිය වෙත පැවසීය.
     
    ඒ අනුව 2017 වසරේ දී යතුරුපැදි අනතුරුවලින් පුද්ගලයින් 1092ක් මරණයට පත් ව ඇත.
     
    2017 වසරේ දී රියඅනතුරු හේතුවෙන් පුද්ගලයන් 3060කට ජීවිත අහිමි වී ඇති අතර 2016 වසරේ දී පුද්ගලයින් 3020කට ජීවිත අහිමිව ඇත. 2016 වසරේ දී අනතුරු 39200ක් වාර්තාව ඇත. ඒ අනුව 2016 වසරට සාපේක්ෂව බැලීමේ දී 2017 වසරේ දී රියඅනතුරු හේතුවෙන් සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාවේ යම් අඩුවක් දක්නට ලැබේ.
     
    එමෙන් ම පසුගිය වසර ඇතුළත දී පදිකයින්, යතුරුපැදි, වෑන්වලින් සිදුව ඇති අනතුරු ප්‍රමාණයේ යම් වැඩිවීමක් දක්නට ලැබෙන අතර ත්‍රිරෝද හා මෝටර් රථ අනතුරුවල යම් ප්‍රමාණයක අඩුවීමක් දක්නට ලැබෙන බවද වෛද්‍ය කෝදාගොඩ මහතා පෙන්වා දුන්නේය. 2017 වසරේ දී පෞද්ගලික බස්රථ අනතුරු 187ක් ද ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ අනතුරු 55ක් ද වාර්තා ව ඇත. එය 2016 වසරේ දී පිළිවෙළින් 162ක් හා 49ක් වේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya