නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍ය ජනතාව ඉදිරිපිටදීම විනාශ කරනවා - ඇමැති සාගල කියයි

    ජනවාරි 05, 2018
    පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලිස් මත්ද්‍රව්‍ය සහ බරපතල අපරාධ මර්ධන කොට්ඨාශය මගින් පසුගිය වසර තුළ අත්අඩංගුවට ගෙන ඇති රුපියල් 37 කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින්, මත්පැන්, ගංජා සහ නීති විරෝධි දුම්වැටි ඇතුළු මත්ද්‍රව්‍ය මහජනතාව ඉදිරියේ විනාශ කිරීම සඳහා නීති ප්‍රතිපාදන සකසා ගෙන යන බව නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි. 
     
    පසුගිය වසරේ ජනවාරි 1 දා සිට දෙසැම්බර් 27 දා දක්වා වූ කාලය තුළ රුපියල් 136,119,250 ක් වටිනා හෙරොයින්,  රුපියල් 90,199,732.65 ක් වටිනා මත්පැන්, රුපියල් 113,857,081.72 ක් වටිනා ගංජා සහ රුපියල් 35,330,800 ක් වටිනා නීති විරෝධි දුම්වැටි අත්අඩංගුවට ගෙන ඇත. 
     
    මේ වසරේ ද වැටලීම් තවත් වැඩිකොට මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ වැඩපිළිවෙල තවත් වේගයෙන් ඉදිරියට ගෙන යන බව ද සාගල රත්නායක මහතා පැවැසීය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya