අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සරසවි පිවිසුම් අයදුම්පත ඇතුළත් අත්පොත නිකුත් කෙරේ

    ජනවාරි 05, 2018
     
    2017 අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාලයට සිසුන් බඳවා ගැනීමේ අයදුම්පත ඇතුළත් අත්පොත අද (5) නිකුත් කර ඇත.
     
    විශ්වවිද්‍යාල සඳහා අද (5) සිට ජනවාරි 26 වනදා දක්වා  ඔන්ලයින් ක්‍රමයෙන් පමණක් අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වෙයි.
     
    එහි ඇති උපදෙස් කියවා නිසිපරිදි ඉන්ටර්නෙට් අයැදුම්පත යොමු කරන ලෙස සිසුන්ගෙන් විශ්වවිද්‍යාල කොමිෂම ඉල්ලා සිටියි.
     
    මෙවර විශ්වවිද්‍යාල සඳහා  බඳවා ගන්නා අපේකෂිත සිසුන් සංඛ්‍යාව 30,500 ක් බව රජයේ නිල පුවත් වෙබ් අඩවියට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පැවසීය. 
     
    දිවයිනේ පිළිගත් පොත් අලෙවිසැල් මගින් අත්පොත ලබාගත හැකි බව ද කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.
     
    විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ www.admission.ugc.ac.lk වෙබ් අඩවිය මගින් අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya