අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ළමා හිංසනයට එරෙහි ජාතික දිනය - 2018 ළමා ආරක්ෂාවේ වසර කර ගනිමු!

    ජනවාරි 04, 2018

    2018 වර්ෂය ළමා ආරක්ෂාවේ වසර කරගත යුතු බව තම අපේක්ෂාව බවත් ගමින් ගමට ගොස් පාසලෙන් පාසලට ගොස් ප්‍රජාව වෙත සමීප වෙමින් ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ යුතු බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතීඥ මරිනි ද ලිවේරා මහත්මිය පවසයි.

    ජනවාරි මස 04 වැනිදාට යෙදෙන ළමා හිංසනයට එරෙහි ජාතික දිනය නිමිත්තෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතීඥ මරිනි ද ලිවේරා මහත්මිය විසින් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍ර අංක 1581/27 දරණ 2008.12.26 වැනි සිකුරාදා නිකුත් කළ ගැසට් පත්‍රය මඟින් සෑම වර්ෂයකම ජනවාරි 04 වැනිදා ළමා හිංසනයට එරෙහි ජාතික දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇත. එම දිනය ප්‍රකාශයට පත්කර ඇත්තේ ළමාහිංසනටය එරෙහිව ක්‍රියාත්මක වීම මෙන්ම ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කර ගනිමිනි.

    2018 වර්ෂය ළමා ආරක්ෂාවේ වසර කරගත යුතු බව මාගේ අපේක්ෂාවයි. ගමින් ගමට ගොස් පාසලෙන් පාසලට ගොස් ප්‍රජාව වෙත සමීප වෙමින් ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ යුතුය. දරුවන්ගේ ලෝකය වඩාත් සුරක්ෂිත කිරීම අප සියළු දෙනාගේම වගකීමක් වන අතර, එම භාරදූර වගකීම පැහැරහරින සෑම අවස්ථාවකදීම ළමයා ශාරීරිකවත්, මානසිකවත් පීඩාවට පත්වීම වැළැක්විය නොහැකිය. එම නිසා මෙම
    නව වසර තුළදී සියළුදෙනාම දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවිය යුතුය යන්න අවධාරණය කිරීමට කැමැත්තෙමි.

    විශේෂයෙන් ළමයින්ට ළඟින්ම සිටිනුයේ ඔවුන්ගේ දෙමව්පියන්ය. ඉන් පසු පාසලේ ගුරුවරුන්ය. මඟතොටේ අනිකුත් වැඩිහිටියන්ය. මුළු මහත් සමාජයක් ඔවුන් වටා ආරක්ෂකයන් ලෙස එක් වී සිටිය යුතුය.

    දැයේ දරුවන් ළමා හිංසනය ඇතුළු සියලු අපයෝජනයන්ගෙන් ආරක්ෂා කර ගනිමින් ඔවුන්ට වඩාත් සුරක්ෂිත හෙට දිනක් උරුම කර දීම සඳහා සියලු පාර්ශවයන් එකට එක්ව කටයුතු කළ බව මාගේ විශ්වාසයයි. ඒ අනුව මෙරට වැඩිහිටි පුරවැසියන් වන අපි සෑම විටම ළමයා, ළමයෙකු බව වටහා ගනිමින් ඔවුන්ට දයාව, කරුණාව හා සැලකිල්ල, ආරක්ෂාව හැකි උපරිමයෙන් ලබාදෙමින්, ඔවුන්ගේ ලෝකය වඩාත් යහපත් කරලීමටත් ඉන් මනා පෞරුෂයන්ගෙන් හෙබි අනාගත පුරවැසියන්ගෙන් අභිමානවත් වූ සමාජයක් බිහිකිරීමටත් එක්සත්ව එක්සිත්ව එක්වෙමු. යැයි නිකුත් කල පණිවුඩයේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya