නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මඩකලපුව, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලට වැසි වාර කීපයක්

    දෙසැම්බර් 30, 2017
    මඩකලපුව, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවල සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව අද (30) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
    බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වල සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සවස 2.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකිය.
     
    දිවයිනේ සෙසු ප්‍රදේශවල තවදුරටත් ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.
     
    බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකිය.
     
    ගිගිරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපර්මේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya